Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Samudra Maduwnthi
සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා ගුරු සංවර්ධන නිලධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. අද (27) පෙරවරුවේ ඔවුන් “යුක්තියේ මළගම” ලෙසින් පෙට්ටියක් පුළුස්සා දැමූ අතර පොලිසිය ප්‍රකාශ කළේ එය කඩිනමින් ඉවත් කර ගන්නා ලෙසය. එමෙන්ම උපවාසය නිසා පදික වේදිකාව අවහිර වන බව පොලිසිය පැවසීමත් සමග මෙසේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර විවාදාත්මක තත්ත්වයක්ද ඇතිවිය. වසර 7ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකළ තමන්ව ගුරු සේවයේ ස්ථීර කරන ලෙස බල කරමින් ගුරු සංවර්ධන නිලධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (26) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබීය. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර නොලැබීම…
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ වනවිට ඉන් පිටව ගොස් තිබේ. ඔහු සඳහන් කළේ මරණ තර්ජනයක් පිළිබඳ සිද්ධියකට අදාළව තමන්ගෙන්ද ප්‍රකාශයක් ලබාගැනීමට ඇති බවට සිදුකළ දැනුම්දීමක් මත තමා මෙලෙස CIDය හමුවේ පෙනීසිටි බවය. කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට ද පසුගියදා පියවර ගැනුණි. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව ඒ මහතා වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින්…
කඩවර වැව ආශ්‍රිත දෙමලිය – කුඩාඔය අලි නිජබිමේ වනාන්තර අක්කර 250 ක් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චතුරි ගංගානි කෘෂි ව්‍යාපාරිකයන් අතර බෙදා දීමට සූදානම් වන බවට සජීව චාමිකර සිය සමාජ මාධ්‍ය ගිණුමේ තැබූ සටහන පහතින්. “මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කඩවර වැව ආශ්‍රිත වනාන්තර අක්කර 250 ක් කෘෂි ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු අතර බෙදා දීමට ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චතුරි ගංගානි සූදානම් වේ. ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට හඳපානාගල වැව දක්වා අලින් සංක්‍රමණය වන දෙමලිය – වන්දම අලි මංකඩ රක්ෂිතයක් බවට ප්‍රකාශයට පත් කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමඟ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වන අතරතුර ඇය විසින් නිලධාරීන්ට නියෝග කර ඇත්තේ මෙම…
පහරදීම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදුවන පුද්ගල අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව විදෙස් වාර්තා පවසයි. එම වාර්තා පෙන්වා දෙන්නේ, පැය 48ක් ඇතුළත මෝරුන් පහරදීම් සිදුවීම් 4ක් සිදුව ඇති බවය. ඉන් සිදුවීම් තුනක්ම එරට නැගෙනහිර වෙරළ තීරයේ කිලෝමීටර් 15ක දුරක් ඇතුළත සිදුව ඇති බව මෝරුන් පිළිබඳ පර්යේෂකයන් පෙන්වා දෙයි. ඉහත ප්‍රහාරවලට අමතරව ඉකුත් ජනවාරි 18 වනදා සිඩ්නි වරායේ පිහිනමින් සිටියදී 12 හැවිරිදි දරුවෙකු බරපතළ තුවාල සහිතව රෝහල් ගත කරන ලදී. ඊට පසුදින 11 හැවිරිදි දරුවෙකු පහරකෑමට Dee Why වෙරළ තීරණයේ දීද, ඒ අසල පිහිටි මැන්ලි හිදී පහරකෑ තවත් පුද්ගලයෙකුද බරපතළ තත්ත්වයෙන් රෝහල් ගතකර ඇත. එමෙන්ම ජනවාරි 20දාද නැගෙනහිර වෙරළ තීරයේ…
දෙහිවල, බෝධිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි ගැහැනු ළමයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. 35 හැවිරිදි මෙම පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක්. වෙඩි තැබීම සඳහා යොදා ගත් රිවෝල්වරය දෙහිවල ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගෙන තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුන් දෙදෙනෙකුගෙන් කෙනෙකු ලෙසත් මෙම පුද්ගලයා කටයුතු කර ඇත් බවයි පොලිසිය පවසන්නේ. සැකකරු ගස්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයටඉදිරිපත් කිරීමට නියමිතයි.
කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වන්දි ලබා ගැනීමට දෝහාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්වී තිබෙනවා. ලබාගත් වන්දි මුදල්වලින් කොටසක් තානාපති කාර්යාලය හරහා අදාල පුද්ගලයින්ගේ පවුල් වෙත ලබා දීමටයි කටයුතු කර ඇත්තේ. ඉතිරි මුදල් මෙරට පවුලවල ඥාතීන් වෙත ලබාදීම සඳහා කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව සඳහන්. පසුගිය වසරේ රුපියල් මිලියන 172කට අධික වන්දි මුදලක් ශ්‍රී ලාංකික පවුල් වෙත ලබා දීමටයි තානාපති කාර්යාලය කටයුතු කර ඇත්තේ.
ප්‍රවීණ සාහිත්‍යවේදී සහ ගීත රචක උපුල් ශාන්ත සන්නස්ගල විසින් රචිත ගීත ඇතුළත් “නිර්වාණ ” සංගීත ප්‍රසංගය 2026 පෙබරවාරි 14 වැනි දින සවස 6.30ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පෙබරවාරි 14 වැනි දිනට යෙදෙන ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන මෙම “නිර්වාණ ” ප්‍රසංගයේදී උපුල් ශාන්ත සන්නස්ගලගේ මතකයෙන් නොමැකෙන ආදර ගීත ගොන්නක්, ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ හඬින් සජීවීව රස විඳීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදාවනු ඇත. 1999 වසරේදී ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ‘ආදරණීය වස්සානය’ නමින් ආදර සැමරුම් ප්‍රසංගයක් පවත්වමින් ආදරයට නව අරුතක් එක් කළ උපුල් ශාන්ත සන්නස්ගල එවැනි දැවැන්ත ප්‍රසංගයක් සංවිධානය කරනු ලබන්නේ වසර 27කට පසුව වීම විශේෂත්වයකි. මරියසෙල් ගුණතිලක,භාතිය සහ සන්තුෂ්,උමාරියා සිංහවංශ,සංඛ දිනෙත්, ඉන්දිකා…
විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතා ලබන මස හයවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඔහු අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මොහුව අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ, එම කොමිසම විසින් මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවය.
යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් යුක්‍රේනය, රුසියාව සහ ඇමෙරිකාව අතර ත්‍රෛයි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මෙම ත්‍රෛයි පාර්ශ්වික සාකච්ඡා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. යුක්‍රේන හා ඇමෙරිකා ජනාධිපතිවරුන් අතර හමුවක් ඊයේ(22) ඩාවෝස් හිදී පැවති අතර එහි තීරණ දැනුම් දීමට ඇමෙරිකා නියෝජිතයින් පුටින් ජනාධිපතිවරයා අද(23) මුණගැසුණා. එම සාකච්ඡා අතිශය සාර්ථක බවයි වාර්තා වන්නේ. එබැවින් රුසියාව යුක්‍රේනය සමග සෘජු සාකච්ඡා පැවැත්වීමට එකඟතාවය පළකර ඇති අතර එහි මැදිහත්කරුවන් ලෙස ඇමෙරිකාව කටයුතු කරනවා. ඇමෙරිකාවේ ආරක්ෂක සහතිකයක් යටතේ යුක්‍රේනය මෙම සාකච්ඡා සඳහා සහභාගී වනවා.
කොළඹ මහ නගර සභාවේ 2010 සිට 2025 දක්වා වූ වසර 15ක කාලය තුළ සිදුව ඇති දූෂණ සහ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක පත් කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, අදාළ කාල සීමාව තුළ සිදුවූ දූෂණ හා වංචා පිළිබඳ තොරතුරු සහ පැමිණිලි ඉදිරිපත් කරන ලෙසයි එම කොමිසම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දූෂණය, වංචාව සහ අපරාධමය විශ්වාසය කඩකිරීම, රාජ්‍ය සම්පත් සහ වරප්‍රසාද අවභාවිතය, නීති විරෝධී බඳවා ගැනීම් සහ පත්වීම්, ප්‍රසම්පාදන ක්‍රියාවලීන්හි සිදුවූ උල්ලංඝනයන්, චංචල සහ නිශ්චල දේපළ බදු දීමේදී සිදුවූ අක්‍රමිකතා සහ නිසි ක්‍රියා පටිපාටියෙන් බැහැරව සිදු කළ නීතිමය පියවර සහ පියවීම් පිළිබඳව…
