Author: Samudra Maduwnthi

යවන්න පොලිස්පතිවරයාට බලයක් තිබෙනවාද..?එහෙම නැතිනම් ඔහු නීතිය දන්නේ නැද්ද.?මේ සිද්ධියේදී ඔහු නීතිපතිගේ වත් උපදෙස් ලබාගෙන නැහැ. 2021 අංක 25 දරන අන්‍යෝන්‍ය ලෙස අපරාධව සහාය ලබා ගැනීමේ පනතට අනුව මෙහිදී ක්‍රියාකළළ යුතුයි.එම පනතට අනුව ලංකාවේ පුද්ගලයෙක් වෙනත් රටකදී යම් නීති විරෝධී කටයුත්තක යෙදී ඇත්නම් ඒ පිළිබඳව ධ්‍යම අධිකාරියක් පිහිටුවා ඒ ගැන කරුණු සොයන්න අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට බලය ලබා දීතිබෙනවා. ඒ අනුව මෙරට නඩු පවරන කාරණයක් සම්බන්ධව විදේශ රටක විමර්ශනයක් කරන්න අවශ්‍ය නම් නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ගෙන් ඉල්ලීමක් කළ යුතුයි. ඉන්පසු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා එරට සිටින අපේ මහ කොමසාරිස්වරයා මාර්ගයෙන් බ්‍රිතාන්‍ය රජයට දැනුම් දී එරට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල සහාය ඉල්ලා සිටිය…

Read More

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ඉදිරිපත් කර තිබෙන බවයි. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කළ මහේස්ත්‍රාත්වරයා මහාධිකරණය නොතීසියක් ලද විට අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර චාමර සම්පත් දසනායකට නියම කළා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව පැවසෙන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට ඇප ලබා දීමේදී සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සිදු කර ඇති කොන්දේසිය ලිහිල් කරන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිදු කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (22) ප්‍රතික්ෂේප කළා. මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ⁣ගෙන ඇප මත සිටින බැකෝ සමන්ගේ බිරිඳ සන්තකයේ තිබූ රත්තරන් භාණ්ඩ වල ප්‍රමාණය ලක්ෂ 84 ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වූවා . සිද්ධියට අදාල නඩුව කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණඋ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් වැඩිදුර…

Read More

ඊයේ (22) අහංගම පොලිස් වසමේ යටගහකැලේ ප්‍රදේශයේ ඉදිකිරීම් භූමියක පස් කන්දක් කඩාවැටී එයට යටවීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. පස්කන්දට යටවී සිටි පුද්ගලයින් තිදෙනා පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගොඩට ගෙන ගොන්නගහහේන රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔවුන් මියගොස් සිට බවයි පොලිසිය පැවසුවේ. මියගිය පුද්ගලයින් අවුරුදු 40,47 හා 60 වයස්වල පසුවන පදියතලාව,දියසෙන්පුර සහ මාතර ප්‍රදේශවල පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read More

අමෙරිකානු ‘දැවැන්ත බලඇණියක්’ ඉරානය දෙසට: ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක් ඉරානය සමග පවතින උණුසුම්කාරී තත්ත්වය හමුවේ අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රබල යුධ නැව් සමූහයක් (Armada) ඉරානය දෙසට යාත්‍රා කරමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ස්විට්සර්ලන්තයේ පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගී වී එයාර් ෆෝස් වන් (Air Force One) ජනාධිපති නිල ගුවන් යානයෙන් යළි පැමිණෙන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. “අපි ඔවුන් දෙස අවධානයෙන් සිටිනවා. අප සතුව විශාල බලඇණියක් තිබෙනවා, එය දැන් ඉරානය දෙසට ගමන් කරමින් පවතිනවා. අවශ්‍ය වුවහොත් ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වීමට අපි සූදානම්,” යැයි ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. මෙම බලඇණියට USS ඒබ්‍රහම්…

Read More

මාලදිවයිනේ වේලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට තිබේ. අධිකරණ නියෝගයක් මත මෙම පුද්ගලයින් දෙදෙනාව පසුගිය 18 වනදා අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය තහවුරු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 43 හැවිරිදි මැදතලාවේ කන්කනමලාගේ තිලක් සෝමචන්ද්‍ර සහ 46 හැවිරිදි දේවානිතිගේ ප්‍රියන්ත සිල්වා යන දෙදෙනාවය. පසුගිය 9 වනදා මාලදිවයිනේ වේලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී ඇති වූ ගැටුමකින් පසුව මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාව එරට පොලීසිය විසින් උපදෙස් ලබා නිදහස් කර තිබුණි. නමුත් නැවතත් ඔවුන් දෙදෙනාව මෙලෙස අත්අඩංගුවට ගත් බව සඳහන් වේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

දිවයිනේ විවිධ ප්‍රදේශ වල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජනතාවට නව වසර උදාවීමත් සමග නව ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් වෙත සෘජුව තොරුතුරු ලබා දීමට හැකියාව පවතින බව පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව, පහත දුරකථන අංක ඔස්සේ මහජනතාවට පොලිස් කොට්ඨාස භාර නිලධාරීන් වෙත තොරතුරු ලබා දිය හැකි අතර, එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කරන බවටයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ බලයට පත්වීමෙන් පසු 100,000 කට වැඩි වීසා අවලංගු කිරීම් කර ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එය ඔහුගේ පරිපාලනයේ ක්‍රියාත්මක දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති පෙන්නුම් කිරීමක් බව සඳහන් වේ. එහිදී වලංගු වීසා බලපත්‍ර ඇති පිරිස් ඇතුළුව අති විශාල සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් පිටුවහල් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. සමාජ මාධ්‍ය දැඩිව පරීක්ෂා කිරීම සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් පුළුල්ව පරීක්ෂා කිරීම ද වීසා ලබාදිමේ දී සිදුකර ඇති බව වාර්තා වේ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් X සටහනක් සඳහන් කරමින් පවසා ඇත්තේ මේ වන විට වීසා 100,000 කට වඩා අවලංගු කර ඇති අතර, ඒ අතරට ශිෂ්‍ය වීසා 8,000 ක්…

Read More

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන ඕනෑම රටකින් අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 25ක දැවැන්ත බද්ධක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. දැනට සති තුනක පමණ කාලයක සිට ඉරානය පුරා පැතිර යන රජයට එරෙහි විරෝධතා මර්දනය කිරීමට ටෙහෙරාන් පාලනය ගන්නා උත්සාහයන්ට එරෙහිව පීඩනය වැඩි කිරීම මෙම පියවරේ අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, මෙම බදු පැනවීම “ක්ෂණිකව ක්‍රියාත්මක වන” බවයි. “ඉරාන ඉස්ලාමීය ජනරජය සමග ව්‍යාපාර කරන ඕනෑම රටක්, අමෙරිකා එක්සත් ජනපදය සමග සිදුකරන සියලුම ගනුදෙනු සඳහා සියයට 25ක බද්දක් ගෙවිය යුතුය,” යනුවෙන් ඔහු එහි සඳහන්…

Read More

පුංචි බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බයක් පුපුරුවා හැරීමට සැලසුම් කළ සිද්ධියේ පරීක්ෂණ පසුගිය රජය සමයේ යටගැසීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා චෝදනා කරනවා. සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බයක් පිපිරවීමට සැලසුම් කිරීමේ සිද්ධියට වසර 4ක් පිරුණ ද එම පරීක්ෂණවලට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් දේවස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වුණා. දේවස්ථානයේ පැවැත්වුණු උදෑසන පූජාවෙන් පසුවයි විරෝධතාව ආරම්භ කෙරුණේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්මන් රජය පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවටයි ඊට සහභාගී වූවන් විශ්වාසය පළකළේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More