Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Samudra Maduwnthi
ඉරාන රජයට එරෙහිව රට පුරාම ආරම්භ වූ මහජන විරෝධතා අඛණ්ඩව මේ වනවිට ක්‍රියාත්මකය. ඉරානයේ නගර 180ක ස්ථාන 500කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිරී ඇති මෙම ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 116ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් මියගිය පිරිස අතර කුඩා ළමයින් නව දෙනෙකු සිටින බවත් 2,600කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් ආරක්ෂක අංශ සිය භාරයට ගෙන ඇති බව සදහන් ය.
සිරියාවේ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. අමෙරිකා හමුදාව සඳහන් කරන්නේ, IS ත්‍රස්ත සංවිධානය විසින් පසුගිය මාසයේදී සිදුකළ ප්‍රහාරයකින් අමෙරිකානු හමුදා සෙබළු දෙදෙනෙකු සහ අමෙරිකානු සිවිල් පරිවර්තකයෙකු මියයාමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් මෙම ගුවන් ප්‍රහාර සිදුකර ඇති බවය. එම ගුවන් ප්‍රහාර අමෙරිකානු වේලාවෙන් ඊයේ දහවල් 12.30ට පමණ සිදුකර ඇති බව වාර්තා වෙයි. අමෙරිකා හමුදා සහ හවුල් හමුදා මෙම ප්‍රහාරට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. “Operation Hawkeye Strike” ලෙස නම් කළ පළමු ප්‍රතිප්‍රහාරය පසුගිය දෙසැම්බර් 19 වන දින අමෙරිකා එක්සත් ජනපදය සහ ජෝර්දානය එක්ව ක්‍රියාත්මක කර…
“කැලණි නදිය ගලා බසී – පාලම සවිමත්ය…” අවුරුදු ගණනාවක් ගතව ගියද, මේ වදන් පෙළ අදත් මතකයේ ගැඹුරේ රැඳී පවතී. මීට වසර තිහකට ආසන්න කලකට පෙර ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ආර්. ආර්. සමරකෝන්ගේ කැලණි පාලම නාට්‍යය, විනෝදාස්වාදයක් පමණක් නොව සමාජය කියවන්නට දොරටුවක් ද වූයේය. එහිදී ජේ. එච්. ජයවර්ධන විසින් පණ පෙවූ චරිතය අදටත් මතකයේ දිග හැරෙන්නේ, “සැනසුම කොතැනද අල්ලපු ගෙදර” වැනි සරල, නමුත් ගැඹුරු අර්ථ රැගෙන ආ සංවාද සමඟය. පෙනෙන විට අහිංසක හාස්‍යයක් සේ හැඟුණ ද, ඒ වදන් තුළ සැඟවුණු සමාජ විවේචනයක් පිළිබිඹු වේ. කැලණි පාලම කියන්නේ කැලණි ගංතෙර ජීවත් වූ පවුල් කිහිපයක් මුහුණ දුන් සමාජීය හා ආර්ථික අර්බුද පිළිබඳ…
මඩකලපුව, චෙන්කලඩි – බදුල්ල මාර්ග හන්දියේ පිහිටි ප්‍රසිද්ධ සිල්ලර වෙළඳසැලකට අද (10) අලුයම ඇතුළු වූ සන්නද්ධ කණ්ඩායමක් රුපියල් කෝටි ගණනක මුදල් සහ දේපළ මංකොල්ලකා පලාගොස් තිබෙනවා. ව්‍යාපාරික ආයතනයේ හිමිකරු විසින් පොලිසියට ලබාදුන් තොරතුරුවලට අනුව, මුදලින් රුපියල් මිලියන 4.5ක්, රන් රාත්තල් 5ක් පමණ සහ වෙළඳසැලේ තිබූ අනෙකුත් වටිනා භාණ්ඩ සහ උපකරණ ද සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ . මෙම මංකොල්ලය ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කර ඇති බවත්, කොල්ලකරුවන් තමන්ව හඳුනා ගැනීම වැළැක්වීම සඳහා වෙළඳසැලේ සවිකර තිබූ සීසීටීවී (CCTV) කැමරාවලට හානි කර ඇති අතර, එහි දර්ශන පටිගත වන උපකරණ ද රැගෙන ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන්…
ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතුටු කිරීමට උත්සහ කරන කරදරකාරයින් පිරිසක් බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි පවසයි. ඉස්ලාමීජය ජනරජය බලයට පත්වූයේ ගෞරවනීය පුද්ගලයින් ලක්ෂ ගණනකගේ රුධිරයෙන් බවට සියලුදෙනා දැන ගත යුතු අතර එය ප්‍රතික්ෂේප කරන පිරිස් ඉදිරියේ පසුබට වීමට සිය රජය සූදානම් නොමැති බව ඔහු පවසා ඇත. එරට රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි මේ බව සඳහන් කර ඇත. ජීවන වියදම ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඉරානයේ ආරම්භ වූ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ 13 වන දිනටත් අද දිනයේ ක්‍රියාත්මක වන අතර විරෝධතාකරුවන් 48 දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයින් 13 දෙනෙකු විරෝධතා…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ‘මනුෂ්‍යත්වයේ දරුණුතම අපරාධකරු’ ලෙස හඳුන්වමින්, ඔහුව පැපාකින ගොස් අධිකරණය හමුවට පමුණුවන ලෙස පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් අමෙරිකාවෙන් සහ තුර්කියෙන් ඉල්ලා සිටිනවා. පාකිස්ථානයේ විශාලතම රූපවාහිනී නාලිකාව වන ‘ජියෝ’ නාලිකාව සමඟ පැවති සජීවී සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෑතකදී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව ඇමරිකාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ඒ ආකාරයටම නෙතන්යාහුව අල්ලා ගැනීමටද තමන් සහාය දක්වන බව ඔහු පැවසුවා. ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) නෙතන්යාහුට එරෙහිව ක්‍රියා කර ඇති බැවින්, යුක්තිය ඉටු කිරීම සඳහා රටවල් ඔහුව අත්අඩංගුවට ගත යුතු බව අසීෆ් අවධාරණය කරනවා. “තුර්කිය විසින් නෙතන්යාහුව පැහැර ගනු ඇතැයි පකිස්ථානුවන් වන අප ප්‍රාර්ථනා කරනවා” යැයි පැවසූ…
බියගම පොලිස් වසමට අයත් ගැමුණු මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී සිදුකළ ඝාතනයක් සම්බන්ධයෙන් බියගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, ඊයේ (09) රාත්‍රී කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි. මියගිය පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙක් වන අතර, ඔහු රැකියාව සඳහා බියගම ප්‍රදේශයේ කුලී පදනම මත නේවාසික කාමරයක රැඳී සිට තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, මරණකරු ඔහු පදිංචිව සිටි කාමරය ඉදිරිපිට නවතා තිබූ ඔහුට අයත් ත්‍රීරෝද රථය ගිනි ගැනීමට ලක්ව ඇති බව දැක, ඔහු කාමරයෙන් ඉවතට පැමිණ තිබෙනවා. එහිදී රැක සිටි මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුට තියුණු ආයුධවලින් පහරදී පලාගොස් ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු…
දෙහිවල, වෙරළ පාර (මැරීන් ඩ්‍රයිව්) ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට අද (09) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ. එම හෝටලය ඉදිරිපිට මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ හෝටල් හිමිකරුගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical
අමෙරිකාවේ මිනියාපෝලිස්හි දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. ඒ එම ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමට විරුද්ධවය. අමෙරිකානු ආගමන විගමන නිලධාරියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ කාන්තාවක් මියගොස් තිබුණි. අදාළ කාන්තාව පැමිණි මෝටර් රථය පරික්ෂා කිරීමට යාමේදී ඇය විසින් එම රථය එකවර ධාවනය කිරීමත් සමග මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන් වේ. කෙසේවෙතත් අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් බලධාරීන් වගකීම භාරගත යුතු බව පවසමින් මිනියාපෝලිස් ජනතාව විරෝධතාවයේ නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical
දකුණු ආසියානු රටවල සහයෝගීතාවයේ වැදගත්කමහා එහි ඉන්දියානු කාර්යභාරය පිලිබදවනාමල් අද උදෑසනින් නිකුත් කල X පණිවිඩය. “ලෝක ආරක්ෂක තත්ත්වයේ සැළසුම් වෙනස්කම් ඇතිවන මෙම කාලයේ දකුණු ආසියාවේ කලාපීය සහයෝගීතාවය තව තවත් අවශ්‍ය වෙමින් පවතී. මේ සඳහා ඉන්දියාව මූලික කාර්යභාරයක් ඉටු කළ හැකිය. මෑතකදී බංග්ලාදේශය, නේපාලය හා ශ්‍රී ලංකාව අත්විඳි ඇත්තේ ජන කෝලාහලයන්ගෙන් හා රජයේ වෙනස්කම්වලින් සලකුණු වූ දේශපාලන අරගලයකි. මෙම අරගල කිහිපයක් මනාව සංවිධානය කරන ලද්දේ අන්තවාදී අංගවලින් යුක්තව ය. මෙම අභියෝග මැඬලීම සඳහා අන්තවාදයට එරෙහිව, දේශපාලන ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට සහ බහුතර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සාමූහික වශයෙන් කැපවීම අවශ්‍ය වේ. මේ නිසා නව අර්බුදවලට මුහුණ දීමට සහ පොදු අභියෝග සාමූහිකව විසඳා ගැනීමට දකුණු…
