Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Samudra Maduwnthi
අග්‍රාමාත්‍යවරියට එරෙහිව දියත් කර තිබෙන අපහාසාත්මක සහ පුද්ගලාරෝපිත ප්‍රහාරය, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවතිය යුතු, ශිෂ්ඨත්වයේ සහ විනීතභාවයේ සීමාවන් ඉක්මවා ගොස් ඇති බව, විද්වතුන්, වෘත්තිකයන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් පවසන අතර, ඔවුන් එය දැඩිව හෙලා දැක තිබේ. අග්‍රාමාත්‍යවරිය දේශීය සහ ජාත්‍යන්තරව කීර්තිය දිනා සිටින ගෞරවනීය කාන්තා දේශපාලන චරිතයක් බව පවසන එම නිවේදනය, ඇයට එරෙහිව දියත් කර තිබෙන ප්‍රහාරය, බොහෝ දෙනෙක් තුළ පවතින ස්ත්‍රී විරෝධී ඊර්ෂ්‍යාව සහ වෛරය මත පදනම්ව ඇති බව පෙනී යන බවද සදහන් කරයි. අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ප්‍රකාශයට පත් කර තිබෙන පෙළ පොතක ඇති බරපතල, නමුත් වළක්වා ගත හැකිව තිබූ වරදක් පිළිබද වාර්තාවකින් අගමැතිනියට එරෙහිව මෑත කාලීන විරෝධය පැන නැගුණු…
රුපියල් කෝටි හතක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය තොගය ගුවන්තොටුපොළ හරිත මාවත ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කරමින් සිටියදී අද (07) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මීගමුව, කුඩාපාඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙක් වන සැකකරු අවුරුදු 24ක ජා ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් රැගෙන ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ ඇති අතර එතැන් සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. 277 දරණ ගුවන් යානයෙන් අද උදෑසන 07.33ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත. ඔහු…
කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට ආධාර අනුබලදීම සහ නවාතැන් පහසුකම් සැපයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි නන්ද කුමාර් තක්ෂි සහ තවත් සැකකරුවෙකු ජනවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටි මෙම සැකකරුවන් දෙදෙනා අද (07) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබීය. ඉන් අනතුරුව සැකකරුවන් ජනවාරි මස නව වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියම කළේය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical
පොලිස් නිලධාරියෙකුට පහරදුන් බවට පැමිණිල්ලක් ඇති ශාන්ත පත්මකුමාර යන මන්ත්‍රීවරයා මීට පෙර ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධමය වරදකට වරදකරුවෙක් වී දඩුවම් නියම කළ පුද්ගලයෙක් බව පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ අද දින (2026.01.06) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමිනි. එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “පහුගිය කාලයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රකාශ කළා මල් ල්පැළ සිටුවනවා කියලා, හැබැයි ඡන්දයෙන් පසු ජනතාවට දැකගන්න ලැබුණේ මේ මල් පැළ නොවේ කංසා පැළ සිටුවා තිබෙනවා කියලා. පහුගිය දවස් වල රත්නපුර දිස්ත්‍රික්කයේ ශාන්ත පත්මකුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව යම්කිසි…
ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කරමින් රටේ අනාගත පරපුර මෙම ව්‍යසනයෙන් මුදා ගැනීම සඳහා සියලුදෙනා වගකීම් ඉටු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා ගොඩනගන ලද “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ තෙවන සැසිය ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක් වෙමින්. රටේ භෞතික සංවර්ධනය මෙන්ම සමාජයේ යහ-පැවැත්ම සහ ස්ථාවරභාවයද ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා. දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාළ කිරීම, වැටලීම් පුළුල්…
මඩකලපුව, වාකරේ ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුව තිබේ. අද (06) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. පොලිස් වාර්තාවට අනුව, සොයාගත් තොගය තුළ RPG 38ක්, චාර්ජස් 38ක් සහ අත්බෝම්බ 05ක් ඇතුළත් බව වාර්තා වෙයි. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අඹන්තනාවේලි ප්‍රදේශයේ කුඹුරක තිබී සොයාගෙන ඇත. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ,බදුල්ල දිස්ත්‍රික් නායක හරීන් ප්‍රනාන්දු මහතා විසින් ළමුන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ අරමුණින් ප්‍රදේශ කිහිපයක ළමුන් සඳහා පොත් 500,000ක් පරිත්‍යාග කර ඇත. මෙම පරිත්‍යාගය නිකපොත, ලේමස්තොට, කොස්ලන්ද, අයිස්පීල්ල, බ්ලැක්පූල්, හිවල් කඳුර, රෝස්බෙරි, ගම්පහ, කොළොන්තැන්න, කලීපනාව, නෙඩ්වුඩ් සහ හල්දුමුල්ල යන ප්‍රදේශවල පාසල් ළමුන් වෙත බෙදාහැරීමට කටයුතු කර ඇත. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical
වෙන්නප්පුව මාරවිල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් බවට සැකකෙරෙන දියරයක් පානය කිරීමෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු නිවසක් තුළ තිබියදී සොයා ගෙන තිබේ. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවු තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙන්නප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical
තම පෙම්වතාගේ රහසඟ කපා පළාගිය විවාහක කාන්තාවක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කරනවා. ඉන්දියාවේ මුම්බායිහිදී මෙම සිදුවීම සිදුව ඇති අතර, අලුත් අවුරුද්ද උදා වූ රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. 25 හැවිරිදි විවාහක කාන්තාවක් තම 44 හැවිරිදි විවාහක පෙම්වතාට අලුත් අවුරුදු රසකැවිලි ලබාදීමට පසුගිය 31 වනදා රාත්‍රියේ නිවසට ආරාධනා කර තිබෙනවා. පෙම්වතා රාත්‍රියේ නිවසට ගිය අවස්ථාවේ දී පෙම්වතිය විසින් පිහියකින් ඔහුගේ රහසඟ කපා පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. බරපතළ තුවාල ලැබූ පෙම්වතා මේ වනවිට මුම්බායි හි සියොන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ. .මේ දක්වා සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී…
මේ වසර සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව වසරේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය බව එහිදී ඔවුන් සඳහන් කර ඇත. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical
