Author: Samudra Maduwnthi

තායිවානය වටා චීන හමුදාව සිදු කළ හමුදා අභ්‍යාසය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ප්‍රතිචාර දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය පවසා ඇත්තේ චීනයේ මෙවැනි ක්‍රියා මගින් යුද්ධය උත්සන්න වීමේ අවදානම වැඩි කරන බවය. එබැවින් සංයමයෙන් කටයුතු කරන ලෙස බ්‍රිතාන්‍ය චීනයෙන් ඉල්ලීමක් කර තිබේ. බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය පවසා ඇත්තේ තායිවාන ගැටලුව යනු තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපසම ජනතාව විසින් ඵලදායී සංවාදයක් හරහා සාමකාමීව විසඳා ගත යුතු ගැටලුවක් ලෙස බ්‍රිතාන්‍ය සලකන බවය. එබැවින් තර්ජනයක් හෝ බලයක් හෝ බලහත්කාරකමක් භාවිත නොකර ගැටලු විසඳා ගත යුතු බවද බ්‍රිතාන්‍යයේ අදහසයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

අගලවත්ත, දෙල්පාවත්ත ප්‍රදේශයේදී සැමියෙකු විසින් ඊයේ (1) උදෑසන සිදුකළ පහරදීමකින් ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. මරණකාරිය වයස අවුරුදු 79ක් වූ දෙල්පාවත්ත, මහගම ප්‍රදේශයේ පදිංචිකාරියක්ය. ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් දොර පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතීන් වෙත භාර දී ඇත. වයස අවුරුදු 84ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අගලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

ඊයේ (1) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 4,250ක් වේ. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,710ක් වී ඇත. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීග් තරගාවලියේ 8වැනි සතිය සඳහා වන තරග අද (2 වැනිදා) සිට ඇරැඹීමට නියමිත අතර සී.ආර්. ඇන්ඩ් එෆ්.සී, හැව්ලොක්, යුද හමුදා සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම් අද තරග බිමට පිවිසීමට නියමිතය. ප්‍රසාද ලකුණු සටහනෙහි පළමු ස්ථානය හිමිකරගෙන සිටින සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සහ තෙවැනි ස්ථානයේ පසුවන හැව්ලොක් කණ්ඩායම අද සී.ආර්. පිටියේදී තරග වදිනු ඇත. සී.ආර්. ක්‍රීඩකයෝ මේ වන විට තරග 5කදී ජයග්‍රහණ 4ක් සහ එකපරාජයක් ලබා ප්‍රසාද ලකුණු 25ක් හිමිකරගෙන ඇති අතර තරග 4කදී ජයග්‍රහණ 3ක් හා එක් ජය පරාජයෙන් තොර ප්‍රතිඵලයක් සහිත හැව්ලොක් පිල සතු ප්‍රසාද ලකුණු ගණන 21කි. අද දෙවැනි තරගය පනාගොඩ යුද හමුදා…

Read More

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඊයේ (1) රාත්‍රී 10ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ. පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්කකර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය පැවසීය. එහිදී එක් අයෙක් මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහල්ගත කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (02) අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වෙයි. අද දිනයේ නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකිය. මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වෙයි. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි. සෙසු ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

Read More

සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සිදුකරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අන්තර්ජාලය භාවිතා කිරීමේදී පහත කරුණු සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන ලෙසය. 2026 වසරේදී මේ සම්බන්ධව මහජනතාවගේ අවධානයට තවදුරටත් යොමු කරමින් සැලසුම් සහගතව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු යොදා ඇති බවද දැනුම්දෙයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේ දී නොසන්සුන්කාරී ලෙස හැසිරී නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කරමින් සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරියක් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රිවරියක් සහ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකි. ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද (31) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඊයේ (30) දින නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟ සභා ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය පළකිරීමත් සමඟින් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණි. ඉකුත්දා පැවති අයවැය සම්මත…

Read More

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවා ලබා ඇත්තේ, නාරායනගේ දිලිප් චතුරංග නොහොත් “රජවත්තේ චතුවා” නැමැත්තා බව පොලීසිය පවසයි. ඔහු දෙසැම්බර් 13 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අයෙකු බව වාර්තා වෙයි. ඔහු බන්ධනාගාර ගතව සිටියදී ඉකුත් 29 දා බන්ධනාගාර රැඳවියන් පිරිසකගේ පහරදීමකට ලක්ව රෝහල් ගතකර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ 14 වාට්ටුවේ පාදයටද මාංචු යොදා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදැසන 6.15ට පමණ මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණි. නාඳුනන තුවක්කුකරුවෙකු විසින් රොවෝල්වර් වර්ගයේ ගිනිඅවියකින් වෙඩි…

Read More

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. අද (31) උදෑසන බන්ධනාගාර රැඳවියෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි. රෝහලේ 14 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම බන්ධනාගාර රැඳවියාට වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ද සිට ඇති බවද වාර්තා වෙයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More