Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Kanchana
ඔස්ටේලියාවෙත් නැති තරම්වාහන අපේ රටේවාහන ඕනෙ නම් ඉලෙක්ට්‍රික්වාහන ගේන්නරවී කරුණානායකආණ්ඩුව වගේ අඳුරේ අතගාන්නේ නෑ2029 නාමල්ට ක්‍රියාත්මක කරන්න වැඩ පිළිවෙලදැන්ම හදනවා
පාකිස්තානයේ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය තාරකාවක වන සනා යූසුෆ් ඇගේම නිවසේදී වෙඩි තබා ඝාතනය කර ඇත. මෙම සිද්ධිය ඉස්ලාමාබාද් නුවර ජී-13 ප්‍රදේශයේදී සිදුවී ඇති අතර, වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරකයා පළා ගොස් ඇත. මාධ්‍ය වාර්තා අනුව ජූනි 2 වැනිදා සනාගේ 17 වැනි උපන්දිනය වූ අතර, ඇගේ උපන්දිනයේදී පුද්ගලයෙක් ඥාතියෙකු ලෙස නිවසට ඇතුළු වී තිබේ.පොලිසිය පවසන පරිදි සැකකරු පළමුව නිවස ඉදිරිපිට සනා සමඟ කතාබහ කර, පසුව ගෙතුළට ගොස් වෙඩි තබා ඇත. සනාට ඉතා සමීපව වෙඩි උණ්ඩ දෙකක් වැදී ඇති අතර, ඒ හේතුවෙන් ඇය සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් ඇත.පකිස්ථානයේ සමා ටීවී වාර්තා කරන පරිදි සනා යූසුෆ්ගේ ඝාතකයා මේවනවිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පන්ජාබ් ප්‍රාන්තයේ…
මහනුවර නගරයේ ඓතිහාසික වටිනාකමකින් යුත් පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 50ක බදු පදනම මත බැහැර කිරීම සඳහා අභිලාෂ කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ එම ප්‍රදේශය සංස්කෘතික හා සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමේ අරමුණින් බව වාර්තා වේ. නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇති මෙම ඉඩම, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය සඳහා 2021-2030 කාලපරිච්ඡේදය ආවරණය වන සංවර්ධන සැලැස්මේ උපයෝගිතා සේවා කලාපය තුළ පිහිටා ඇත. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේබෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සහ එහි ගොඩනැගිලි ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණය යටතේ හඳුනාගෙන තිබීමයි. නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව, මෙම ඉඩම…
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයට දේශීය සිසුන් ඇතුළත් කර නොගැනීම තාවකාලික පියවරක් බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය: “කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගැනීම තාවකාලිකව නතර කර ඇත්තේ රටේ වෛද්‍ය වෘත්තිකයන්ගේ අවශ්‍යතාව රජය විසින් සමාලෝචනය කරන තුරු පමණි.” මේ අතර, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා නොගැනීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සනාථන…
ඉතා කම්පනීය හා සංවේදී සිදුවීමක් වවුනියාව පුලියන්කුලම ප්‍රදේශයේ අද (ජූනි 3 ) උදෑසන වාර්තා විය. සිය ගැබිනි බිරිඳ ඝාතනය කිරීමෙන් අනතුරුව, ඇගේ හිස පොලිතීන් බෑගයක දමාගෙන පුලියන්කුලම පොලිස් ස්ථානයට පැමිණ තමන් විසින්ම බාර වූ සැමියෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ. අද උදෑසන පුලියන්කුලම පොලිස් ස්ථානයට යතුරුපැදියකින් පැමිණි තරුණ පුරුෂයෙක් තමා අතැති පොලිතීන් බෑගය තුළ සිය බිරිඳගේ හිස ඇති බවත්, ඇයව ඝාතනය කර ශරීරය වනාන්තර ප්‍රදේශයක හැර දමා ඇති බවත් පවසා ඇත. මෙයින් කම්පනයට පත් පොලිස් නිලධාරීන් වහාම අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් ලබා දුන් තොරතුරු මත පදනම්ව, මියගිය කාන්තාවගේ සිරුර සින්නපූවරසන්කුලම් අසල පිහිටි වනාන්තර ප්‍රදේශයකින් සොයාගෙන ඇත. මෙම…
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් වැඩිදුර විභාගය සඳහා ඔක්තෝබර් 01 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (03) නියෝග කර තිබෙනවා. ජෝන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර, සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පිටකෝට්ටේ පිහිටා ඇති 3-star කාණ්ඩයේ හෝටලයක් වන Hotel Sanira සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. ඒ එම හෝටලයට SLT-MOBITEL Fibre තාක්ෂණයෙන් බලගැන්වෙන PeoTV සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් සපයන එකම බලයලත් සේවා සම්පාදක වශයෙනි. මෙම ගිවිසුමට පසුගියදා කෝට්ටේ ප්‍රාදේශීය Telecom කාර්යාලයේදී අත්සන් තබන ලදී. SLT සාමාන්‍යාධිකාරී (ප්‍රාදේශීය ව්‍යාපාර – Metro) චේතන අත්තනායක සහ Hotel Sanira හි ප්‍රධාන විධායක නිලධාරී අජිත් රණසිංහ යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ. මෙම හවුල්කාරීත්වය Hotel Sanira හි ගනුදෙනුකරුවන් වෙත හිමි වන ඩිජිටල් අත්දැකීම වැඩිදියුණු කරනු ඇති අතර, ඔවුන්ට රිසි සේ විනෝදාස්වාද හා අධිවේගී අන්තර්ජාල පහසුකම් අත්විඳීමට අවස්ථාව සලසා දෙනු…
පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස සුවපහසු, දියුණු තාක්ෂණයක් සහිත බස් රථ ඇණියක් හඳුන්වා දීමට 2025 වර්ෂයේ අයවැය මඟින් යෝජනා කරනු ලැබ ඇත. ඒ යටතේ, බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව මාකුඹුර (කොට්ටාව), කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා සුවපහසු, පහත් පිවිසුම් සහිත බස් රථ 100ක් සේවයේ යෙදවීමට සැලසුම් කර ඇත. ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) දිනයේ දී සමත්විය. අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39 ක් ලෙසින් සටහන් වූ අතර මෙය මීට පෙර ඉහළම අගය වූ, 2025 පෙබරවාරි 18 දින වාර්තා වුණු ඒකක 17,193.8 වාර්තාව බිඳහෙළීමකි. අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 234.50 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළේය. අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට බැංකු සහා මූල්‍ය සමාගම්වල කොටස් මිල ඉහළ යාම් විශාල වශයෙන් හේතුවුණු අතර එහිදී කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, DFCC බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස් සහ හැටන් නැෂනල් බැංකුව යන සමාගම්වල කොටස් මිල…
ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙළ සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් මේ වන විට සම්පූර්ණ කර ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ස්ටාර්ලින්ක් වෙතින් ලබා දීමට නියමිත තොරතුරු පුවරුව (Dashboard)ලැබුණු පසු මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිංගප්පූරුවේ පැවැති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ ද්විපාර්ශ්වික හමුවකට එක් වෙමිනි. මෙම හමුව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරු…
