Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
පහල වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි. එමෙන්ම නැගෙනහිර පළාතේත්, නුවරඑළිය, මාතලේ, බදුල්ල, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ. අනුරාධපුර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම…
ආරක්ෂාකාරී සහ නීත්‍යනුකූල බල හුවමාරුවක් සිදුවනතුරු අමෙරිකාව වෙනිසියුලාව පාලනය කිරීමට අදහස් කරන බවත්, වෙනිසියුලාවේ තෙල් නිධි කළමනාකරණය කිරීමට අමෙරිකානු සමාගම් යොදවන බවත් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (04) ප්‍රකාශ කළේය. අමෙරිකානු හමුදා විසින් සිය භාරයට ගනු ලැබූ වෙනිසියුලානු ජනපතිවරයා මේ වන විට රැඳී සිටින්නේ නිව්යෝක් හි බෘෘක්ලින් නාගරික රැඳවුම් මධ්‍යස්ථානයේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙනිසියුලානු රජය තුළ සිටි CIA ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරු මත ජනපති නිකොලස් මදුරෝ සැඟවි සිටි ස්ථානය අමෙරිකාව විසින් සොයා ගනු ලැබූ බවය. වෙනිසියුලාවේ කරාකස් අගනුවර ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන අමෙරිකාව දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේ එරට වේලාවෙන් ඊයේ (03) අලුයම් කාලයේදීය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිකුරාදා…
දෙහිවල ප්‍රදේශයේ වැඩපලක් ඉදිරිපිට තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය සැකපල කරන්නේ පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට ය. මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ දෙහිවල, සන්ජයපුර වෛද්‍ය පාර ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු වේ. ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් ගීත්ම ප්‍රනාන්දු මහතා විසින් මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇත.
හෙට සිට ආරම්භ වන නව අධ්‍යනය වර්ශය තුළ පළමු ශ්‍රේණියේ දරුවන් සඳහා ජනවාරි 29වනදාත් 6 වන ශ්‍රේණියේ දරුවන්ට ජනවාරි 21වනදාත් නව විෂය මාලාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර සිටියාය. එමෙන්ම අග්‍රාමාත්‍යවරිය එහිදී පැවසුවේ විෂය මාලාව හඳුන්වා දීම පමණක් නොව ඊට සමගාමීව මෙම අලුත් ක්‍රමයට දරුවන් හුරු කිරීම සඳහා ද වැඩසටහන් සංවිධානය කර ඇති බවය. එමෙන්ම දෙමාපියන් සඳහා ද එම හඳුන්වා දීම සිදු කිරීමට නව වැඩසටහන් සංවිධානය කර ඇති බව අගමැතිනිය සඳහන් කළාය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ විෂයන් තේරීමට හුරු කිරීම ආදී වූ…
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග ක්‍රීඩාකිරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කර ඇති බව ‘cricinfo’ වෙබ් අඩවිය පවසයි. දෙරට අතර දේශපාලනික වශයෙන් උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය තුළ බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ “ආරක්ෂාව සහ යහපැවැත්ම” සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. ඒ අනුව එම තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේදී ක්‍රීඩාකිරීමට නියමිත තරග ශ්‍රී ලංකාවේදී පවත්වන්නැයි ඔවුන් ඉල්ලීමක් කරඇති බවද වාර්තා වේ. ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම සත්කාරක්වය යටතේ ලබන මාසයේ ආරම්භවන එම තරගාවලියේ දී බංග්ලාදේශය කොල්කටාහිදී 3ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. ඉදිරියේ දී පැවැත්වෙන IPL තරගාවලියේ දී කොල්කටා වෙනුවෙන් ක්‍රීඩාකිරීමට නියමිතව සිටි මුස්තාෆිසුර් රහ්මාන් හදිසියේම එම…
ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මෙම ගැසට් නිවේදනය පල කර ඇත. මේ පනත “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත” යනුවෙන් හඳුන්වයි. ඒ අනුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත මෙයින් ඉවත් කරනු ලැබේ. සැක දුරු කිරීම සඳහා, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනතේ විධිවිධාන ප්‍රකාර, 1982 අංක 1 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හෝ 1990 අංක 47 දරන පනතේ 9…
ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ මොඩියුල අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අභ්‍යන්තර කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගනු ලබන බව අමාත්‍යවරය වැඩිදුරටත් පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (04) පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්දීමේදීය. “මේක රජයේ සාමූහික උත්සාහයක්. සාමූහික වගකීමක්. රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි ගන්න රජයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය. ඒ නිසා යම් යම් අය තම තමන්ගේ දේශපාලන හා වෙනත් පටු උවමනාවන් ඉටු කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යතුමිය ඉලක්ක කරලා කරන විවේචනයන් අපි සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. එහෙම කිසිඳු එකක් නැහැ. මෙතන තියෙන්නේ සාමූහික රජයේ ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළඹෙන 20යි 20 ලෝක කුසලානයෙන් අනතුරුව එම ධුරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබේ ඔහු පැවසුවේ තම ප්‍රධාන පුහුණුකරු කොන්ත්‍රාත්තු කාලය තවදුරටත් පැවතුණද ප්‍රධාන පුහුණුකරු ධුරයේ රැදී සිටීමේ අදහසක් නොමැති බවය. 2024 ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිව තාවකාලික පත්වීමක් ලෙස ජයසූරිය මුලින් පත්කෙරුණත් එම වසර අවසානයේදී පූර්ණ කාලීනව ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරිණි. ජයසූරියගේ ප්‍රධාන පුහුණුකරු ධුර කාලය තුළ, ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම ආකෘතිවල තරග 60 ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ජයග්‍රහණ 29ක් ලබාගෙන පරාජයන් 29කට මුහුණ දී තිබේ. ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග ගණන දෙකකි.
අමෙරිකාව විසින් වෙනිසියුලාවට සිදුකළ පහරදීම් සහ එහි ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට නතු කර ගැනීමේ සිදුවීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩාවැදී එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ පැහැරගෙන යමින් සිදුකරන ලද මෙම ක්‍රියාව සිය පක්ෂය තරයේ හෙළා දකින බවය. ලොව ඕනෑම නිදහස්, ස්වෛරී රාජ්‍යයක මෙන්ම වෙනිසියුලාවේද අනාගතය තීරනය කිරීමේ සහ පාලකයින් කවුරුන්දැයි තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ එරට ජනතාවට පත් එය උල්ලංඝනය කිරීමට කිසිදු බලවතෙකුට අයිතියක් නොමැති බවත් එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ. එම සම්පූර්ණ නිවේදනය පහතින්, ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක්…
ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත “සත්මහල් සදහම් මන්දිරය” සඳහා මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ජනවාරි 03 දින උත්සවාකාරයෙන් පැවැත්විණි. දුරුතු පුර පසළොස්වක පොහොය දිනට සමගාමීව සංවිධාන කර තිබූ මෙම ආගමික වැඩසටහන ආරම්භ වූයේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේයි. අනතුරුව අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කරමින් සත්මහල් සදහම් මන්දිරයේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළා. බෞද්ධ උරුමය සුරකිමින් අනාගත පරපුර උදෙසා දහම් දැනුම සහ අධ්‍යාත්මික පෝෂණය ලබාදෙන කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම සත්මහල් සදහම් මන්දිරය නිර්මාණය වීමට නියමිතයි. මෙම අවස්ථාවට කෝට්ටේ රජමහා විහාරාධිපති අළුත් නුවර අනුරුද්ධ නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, කර්මාන්ත සහ…
