Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
රුපියල් කෝටි 04කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නිතීවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ පෞද්ගලික ගුවන් සමාගමක සේවිකාවක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය අදාළ රන් භාණ්ඩ තොගය සිය ගමන් මල්ලේ සඟවා මෙරටට රැගෙන විත් ඇති අතර ගුවන් යානා කාර්යය මණ්ඩල සදහා පිටතට පැමිණීමේ දොරටුවෙන් ඇය පිටව යාමට තැත් කිරීමේ දී රේගු නිලධාරීන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඇයගේ ගමන් මල්ලේ තිබී කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 163ක් බරැති ස්වර්ණාභරණ සහ රන් බිස්කට් සොයා ගෙන ඇති බව ද ගුවන් තොටුපල රේගුව සදහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරි 27 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණියක් බව වාර්තා වේ. කටුනායක ගුවන්…
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත ආදායම ලෙස රුපියල් මිලියන 168ක් පසුගිය වර්ෂයේ දී වාර්තා කර තිබේ. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන් පසු සංස්ථා ඉතිහාසයේ මෙතෙක් වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත අළෙවි ආදායම ලෙස රුපියල් මිලියන 168ක් පසුගිය 2025 වර්ෂයේ දී උපයා ගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සමත්ව ඇත. මෙම කරුණූ අනාවරණ වුයේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නව නිෂ්පාදන 07ක් හඳුන්වාදීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංස්ථා පරිශ්‍රයේ පැවැති උත්සවයේ දීය. මෙම අවස්ථාවට සමගාමීව අමාත්‍යවරයා ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේ නිෂ්පාදන අංශයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත…
බංග්ලාදේශ වේගපන්දුයවන ක්‍රීඩක මුස්ටෆිසූර් රෙහෙමාන් මෙවර IPL තරගාවලියෙන් ඉවත් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහු මිලදී ගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට දන්වා තිබේ. ඒ බංග්ලාදේශයේ මතුව ඇති දේශපාලන අර්බුද තත්ත්වය සැලකිල්ලට ගනිමින්ය. 2026 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ඉකුත්දා පැවැති අතර මෙහිදී බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසූර් රෙහෙමාන්ව සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් හිමිකාරිත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේය. ඒ ඉන්දීය රුපියල් කෝටි 9යි දශම දෙකකටයි. IPL ක්‍රීඩක වෙන්දේසියකදී බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට හිමි වූ වැඩිම වටිනාකම මෙය වන අතර මෙවර වෙන්දේසියේදී වැඩිම වටිනාකමක් හිමි වූ දෙවන ක්‍රීඩකයා වන්නේද මුස්ටෆිසූර් රෙහෙමාන්ය. ඔහු මිලදී ගෙන මාසයක් ගතවීමටත් මත්තෙන් මුස්ටෆිසූර් රෙහෙමාන්ව IPL තරගාවලියෙන්…
ගම්වදින වනඅලි පළවා හැරීම සඳහා ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා වනජීවී නිලධාරීන්ට චෝදනා කරයි. පුත්තලම දිස්ත්‍රික් විශේෂ ආපදා කළමනාකරණ රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා චෝදනා කළේ වනජීවි කාර්යාලයේ නිලධාරීන් කාර්යාලයේ දුරකථනයට හෝ ප්‍රතිචාර නොදක්වන බවය. පුත්තලම දිස්ත්‍රික් විශේෂ ආපදා කළමනාකරණ රැස්වීම ඊයේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට ප්‍රදේශයේ ජනතාව ද එක්ව සිටියේය.
2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් හෙට (05) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් හෙට දිනයේ සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පසුගිය දෙසැම්බර් මස 9 වනදා නිකුත් කරනු ලැබු චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වන බව සඳහන්ය. සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය පසුගිය දෙසැම්බර් මස 22 වනදා සහ මුස්ලිම් පාසල් සඳහා දෙසැම්බර් මස 26 වනදා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබුණි.
වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එරට උප ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස්ට නියෝගයක් නිකුත් කර තිබේ. අමෙරිකානු හමුදා මෙහෙයුමක් මගින් රටින් පිටුවහල් කළ නිකොලොස් මධුරෝ නොමැති විට උප ජනාධිපතිවරිය විසින් එරට වැඩබලන ජනාධිපති ධුරය භාරගන්නා ලෙස මෙමගින් නියෝග කර ඇත. ඒ අනුව ජාතියේ පරිපාලන අඛණ්ඩතාව සහ පුළුල් ආරක්ෂාව සහතික කිරීම සඳහා වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ ජනාධිපති ධුරය ඇය විසින් භාරගනු ඇති බව අධිකරණ තීන්දුවේ සඳහන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම වසරේ දී නව ඖෂධ නිෂ්පාදන 10ක් වෙළෙඳපොළට හදුන්වාදීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි. පෙති හා කරල් මිලියන 4000ක ප්‍රමාණයක් මෙම වසරේ දී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව එම සංස්ථාව නිකුත් කළ නිවේදනයක සඳහන්ය. මේ වන විටත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් ඖෂධ වර්ග 70ක් නිෂ්පාදනය කරනු ලබයි. මේ අතර ඉතිහාසයේ වැඩිම ඖෂධ නිෂ්පාදනය පසුගිය වසරේ සිදුකිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමත්ව ඇති අතර පෙති හා කරල් මිලියන 3625ක් මෙලෙස නිෂ්පාදනය කර තිබේ. එක් මාසයක් තුළ සිදුකළ වැඩිම ඖෂධ නිෂ්පාදනය වන පෙති හා කරල් මිලියන 385ක ප්‍රමාණය ගිය වසරේ මාර්තු මාසයේ නිෂ්පාදනය කර ඇති බව…
කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සිව්දෙනා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) දෙහිවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් කොහුවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව පොලීසි පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම අපරාධයට අදාළ යතුරුපැදියේ පැදිකරු, ගිනිඅවිය භාරව කටයුතු කළ සැකකරු, ගිනි අවි ප්‍රවාහනය කළ සැකකරු හා අපරාධකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් සැකකරු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකි. ඔවුන් අවුරුදු 25, 28, 33 හා 45 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. මෙම අපරාධය…
සතොසට හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු විසින් එම ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළවය. ඒ අනුව රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණයට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව සිදු කෙරෙන සතර මහා මංගල්‍යයන්ගෙන් නව වසරේ පළමුවෙන්ම යෙදෙන අලුත් සහල් මංගල්‍ය පෞරාණික චාරිත්‍රානුකූලය හා ආගමික වතාවත් අනුව අද (03) දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේදීදි සිදුවිය. ඒ ශ්‍රී දළදා මාළිගාවේදී වන අතර මේ සඳහා දළදා තේවාව භාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නාහිමියන්ගේ හා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙන්ම අලුත් සහල් මංගල්‍යය සඳහා දළදා මාළිගාවේ කාර්යභාර නිලයන්ද එක්ව සිටියහ. නව වසරේ නැවුම් සහලින් ශ්‍රී දළදා සමිඳුන් පිදීම පෙර රජ දවසේ සිටම සෑම වසරකම දුරුදු පුන් පොහෝ දින සිදුකරනු ලබයි. ශ්‍රී දළඳා මාළිගාවට අයත් කෙත් වතුවලින් නෙලා ගන්නා වී අස්වැන්නේ අග්‍රඵලය පල්ලේකැලේ පිහිටි ශ්‍රී දළඳා…
