Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී පොරොන්දු වූ සිය ඉල්ලීම් ඉටු නොකර එම මණ්ඩලය ඈවර කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කළහොත් පෙර දැනුම් දීමකින් තොරව වර්ජනයක නිරත වන බවට විදුලි වෘත්තිය සමිති අනතුරු අඟවනවා. කොළඹ ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි නියෝජිතයින් පැවසුවේ ඉංජිනේරු සංගමය, තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය, කාර්මික ශිල්පීන්ගේ සංගමය ඇතුළු විදුලි වෘත්තිය සංගම් 24ක් මේ සඳහා එක්වීමට සූදානමින් සිටින බවයි. ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට අනුප්‍රාප්තික සමාගම් 6 පිහිටුවීමත්, ඒ සඳහා වත්කම්, වගකීම් හා රාජකාරී කාර්යයන් සහ ක්‍රියාකාරකම් පවරන ආකාරය සඳහන් මූලික පැවරුම් සැලැස්ම නීතිපති, මුදල් අමාත්‍යවරයා හා මහා භාණ්ඩාගාරයේ උපදේශනයන්ට යටත්ව පිළියෙල කිරීම අවසන් කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට…
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිට්ටඹුව අරලිය පටුමග, පින්නගොල්ල වත්ත, ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව සඳහන්ය. එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 ග්‍රෑම් 838 තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ආදළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. එහි වටිනාකම රුපියල් කෝටි 90කට අධික බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය. මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ඩුබායි වරුණ සහ මොහොමඩ් සිද්ධික් සහ දැනට බන්ධනාගාරගතව සිටින දිලිඳු සංජීව නොහොත් “ලේනා” යන…
දිවයිනපුරා සියලුම රෝහල්වල අද (21) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැන විරුද්ධව මීට හේතුව බවය. මේ අතර අක්කරයපත්තු රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට විරෝධය පලකරමින් නැගෙනහිර පළාත තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය අද පස්වන දිනටත් ක්‍රියාත්මක බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.
නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කර ඇත්තේ මෙම සමාජ මාධ්‍ය සටහන් මගින් පුද්ගලයින් නීතිපති ධුරයේ ස්වාධීනත්වයට අසාධාරණ ලෙස බාධා කිරීමට උත්සාහ දරන බවය. අපරාධමය නඩු කටයුතුවලට අදාළව නීතිපතිවරයා අර්ධ අධිකරණමය හෙවත් (quasi-judicial) කාර්යභාරයක් ඉටු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ. විමර්ශන නිලධාරීන් තමන් වෙත ඉදිරිපත් කරනු ලබන කරුණු පදනම් කරගෙන, සැකකරුවෙකුට එරෙහිව චෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න හෝ අධිචෝදනා ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව නීතිපතිවරයා තීරණය කළ යුතු බවද එම නිවේදනයේ…
ජනවාරි 23 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවය. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සමරිසි නීතිය හා රජය මගින් මේ දිනවල බෞද්ධාගමට එල්ල කරන විරෝධාකල්ප වැඩපිළිවෙළට විරෝධතාවය පළ කරමින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලුපටි පැළද අද (20) උදෑසන උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණා. විරෝධතාවයට සහභාගි වූ මන්ත්‍රීවරුන් හෝමාගම පොළ භූමියේ අසලට පැමිණ විරෝධතාවය ආරම්භ කොට එම ස්ථානයේ සිට එදින පැවැති හෝමාගම ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභා රැස්වීම් ශාලාවට පැමිණියා. ඉන් පසුව සභා ගර්භයේ සිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නැවත වරක් විරෝධතාවයේ නිරතව එය අවසන් කළා. මෙම විරෝධතාවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්ව ජනබල පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ හා ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරයා…
රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින භික්ෂුන්වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් 10දෙනා එළඹෙන 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිස අද (19) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරුණි.
කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජල ටැංකියක තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සොයාගෙන තිබේ. එම ප්‍රදේශයේ මහල් නිවාසයක අතහැර දමා තිබූ ජල ටැංකියක් තුළ තිබී එම පිස්තෝල අවිය සොයාගත් බව පොලීසිය පැවසීය. එමෙන්ම එහි තිබී පතොරොම් 29ක් ද සොයාගෙන ඇත. අදාළ පිස්තෝල අවිය මෙම ස්ථානයට ගෙනවිත් දැමූ සැකකරුවන් සොයා කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රොහල්වල වෛද්‍ය වර්ජනය අද (19) යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව අද පෙ.ව. 8.00 සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල මෙම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ ඉල්ලීම්වලට රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් නැවත මෙසේ වැඩ වර්ජනය ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසීය. අක්කරෙයිපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාළව ඔහු එම ධුරයෙන් ඉවත් කර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පසුගිය අඟහරුවාදා දිනයේ සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.
චිලී රාජ්‍යයේ මධ්‍යම සහ දකුණුදිග ප්‍රදේශ පුරා පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් ඉරිදා වන විට අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීහු පවසති. අධික උණුසුම් කාලගුණයක් පවතින පසුබිමක හටගත් මෙම ගින්නෙන් අක්කර දහස් ගණනක වනාන්තර විනාශ වී ඇති අතර නිවාස සිය ගණනක් අළු බවට පත්ව තිබේ.චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් විසින් අගනුවර වන සන්තියාගෝ සිට කිලෝමීටර් 500ක් (සැතපුම් 300ක්) පමණ දකුණින් පිහිටි බයෝබියෝ (Biobio) සහ අසල්වැසි නියුබ්ලේ (Ñuble) ප්‍රදේශවල ‘ව්‍යසනකාරී තත්ත්වයක්’ (State of catastrophe) ප්‍රකාශයට පත් කර ඇත.මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, දැනට අක්කර 21,000ක් (හෙක්ටයාර 8,500ක්) පුරා පැතිර ඇති සක්‍රීය ලැව්ගිනි පාලනය කිරීම සඳහා හමුදාවේ…
