Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
ඉරානයේ සති ගණනාවක විරෝධතා සහ මාරාන්තික මර්දනයකින් පසුව එරට ඉස්ලාමීය සමූහාණ්ඩුව කඩා වැටීමට ආසන්න වී ඇති බව එරට අවසාන ෂා රජුගේ පුත්රයා වන රේසා පහ්ලවි පවසනවා. වොෂින්ටනයේදී අදහස් දක්වමින් ඔහු තවදුරටත් කියා සිටියේ, පාලන බලය මාරුවන අවස්ථාවකදී ඊට නායකත්වය දීම සඳහා තමාට සුවිශේෂී සුදුසුකම් පවතින බවයි. මෙම ප්රකාශය සිදු වූයේ ප්රචණ්ඩ මර්දනයකට ලක් වූ සති ගණනාවක මහජන විරෝධතාවලින් පසුවයි. ක්රියාකාරීන් පවසන පරිදි, පසුගිය මාසය අගදී ආරම්භ වූ උද්ඝෝෂණ මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර, මේ වනවිට දහස් ගණනක් මිය ගොස් සිටිනවා
හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්රී අශෝක සපුමල් රංවලගේ බිරිඳ වෛද්ය ඉන්ද්රාණි රන්වල පැදවූ මෝටර් රථයේ අද අලුයම (17) තවත් මෝටර් රථයක් ගැටීමෙන් ඒ මහත්මිය තුවාල ලබා රෝහල් ගත කළ බව බියගම පොලිසිය සඳහන් කරනවා. එම මෝටර් රථයේ රියැදුරු වන සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැලණිය බියගම මාර්ගයේ අශෝක රන්වල මන්ත්රීවරයාගේ නිවස ඉදිරිපිට දී එම රිය අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසනවා. අනතුරින් තුවාල ලද මන්ත්රීවරයාගේ බිරිඳ විසින් පදවන ලද මෝටර් රථය බණ්ඩාරවත්ත දෙස සිට මාර්ගයේ දකුණුපස අයිනේ නවතා නිවසට හැරවීම සඳහා තිබියදී කැලණිය දෙස සිට බණ්ඩාරවත්ත දෙසට ගමන් කළ ප්රෝටෝන් වර්ගයේ කාර් රථය ගැටීමෙන් මෙම අනතුර වී…
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ. ඒ අනුව කොළඹ කොටුව සහ ත්රිකුණාමලය අතර ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය ජනවාරි 20 වනදා සිට යළි ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම කොළඹ කොටුව හා මඩකලපුව අතර ධාවනය වන පුලතිසි නගරාන්තර ශිඝ්රගාමී දුම්රියද එදින සිට දිනපතා ධාවනයට එක්කෙරේ. උදය දේවී දුම්රිය ධාවනය ද ආපදා තත්ත්වයෙන් පසු නැවත ධාවනය ආරම්භ කිරීමට පහත පරිදි සැලසුම් කර තිබේ. මේ අතර සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය ඉන්දීය රජයේ ප්රදානයක් යටතේ ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු එළැඹෙන…
කොළඹ, ජින්තුපිටිය ප්රදේශයේදී ඊයේ (16) රාත්රියේ සිදුවූ වෙඩි තැබී පිළිබඳව විමර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිසි අධිකාරි එෆ්. යු වුට්ලර් පවසනවා. අප කළ විමසීමකදී පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේ, මෙම වෙඩි තැබීම පාතාල කණ්ඩායම් අතර ගැටුමක් ද, පෞද්ගලික ආරවුලක් ද සහ ව්යපාරික ආරවුලක් ද යන්න සොයා බැලීමට මේ වනවිට කටයුතු කරන බවයි. වෙඩි තැබීමට පැමිණි පිරිස සහ ඔවුන් පැමිණි ත්රිරෝද රථය සෙවීමට ද කටයුතු කරමින් සිටින බව ඔහු සඳහන් කළා. එසේම ඊයේ රාත්රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ තැනැත්තා ජීවිතක්ෂයට පත්වුණා. එමෙන්ම, මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිමි දරුවෙකු…
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් සති කිහිපයකට පසු, එම රටට අයත් තෙල් තොගයක් ඇමරිකාව විසින් පළමු වරට අලෙවි කර තිබෙන බව විදෙස් වාර්තා පවසනවා. මෙම තෙල් අලෙවියේ වටිනාකම ඩොලර් මිලියන 500 ක්. ට්රම්ප්ගේ පරිපාලනය විසින් ඊයේ දින මෙම ගනුදෙනුව තහවුරු කර තිබුණා. ඉදිරි දින සහ සතිවලදී තවත් මෙවැනි අලෙවි කිරීම් බලාපොරොත්තු විය හැකි බවයි නම හෙළි නොකළ නිලධාරියෙකු පුවත් සේවයකට ප්රකාශ කර ඇත්තේ. තවත් වාර්තාවකට අනුව, මෙම අලෙවියෙන් ලැබුණු ආදායම කටාර්හි පිහිටි බැංකුවක් ඇතුළු ඇමරිකානු බැංකු ගිණුම්වල රඳවා තබා ඇති අතර, එම සියලු මුදල් දැනට පාලනය කරනු ලබන්නේ ඇමරිකානු රජය විසින්. ධවල මන්දිර ප්රකාශිකා ටේලර් රොජර්ස් ප්රකාශ කළේ, මත්ද්රව්ය…
ඉරානය, රුසියාව, සෝමාලියාව සහ ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් 75 ක පුරවැසියන් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කර ඇත. ඒ, ජනපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ නියෝගයනකට අනුවය. මෙම තීරණය ජනවාරි 21 වැනිදා සිට ක්රියාත්මක වනු ඇති බව ඇමෙරිකන් මාධ්ය වාර්තා කර ඇත. ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව විසින් වීසා නිකුත් කිරීමේදී සිදුකරන පරීක්ෂණ සහ තහවුරු කිරීමේ ක්රියා පටිපාටි නැවත සමාලෝචනය කරන තුරු මෙම අත්හිටුවීම ක්රියාත්මක වනු ඇතැයි පැවැසෙයි.
තෛපොංගල් උත්සවය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. සිය පණිවිඩය මගින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ සශ්රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමටද ආරාධනා කෙරෙන අවස්ථාවක් බවය. මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්යසනයෙන් අනතුරුව, ජාතියක් ලෙස යළි ගොඩනැඟීමේ අපේක්ෂා දල්වාගෙන, මහත් පරිශ්රමයකින් සහ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව එදා මෙදා තුර විශාලතම ප්රතිසංස්කරණ ප්රයත්නයට අප සියලුදෙනා එක්ව උර දී සිටින බවද ජනාධිපතිවරයා පවසයි. එම වැඩපිළිවෙළ සමග තව තවත් ශක්තිමත්ව ඇත්වැල් බැඳ ගැනීමට පෙරට එන ලෙස සශ්රීකත්වයේ අපේක්ෂා පෙරදැරි කරගත් මෙම තෛපොංගල් දිනයේදී…
හින්දු බැතිමතුන්ගේ ප්රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.ලොව පුරා වෙසෙනෙ හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සමරනු ලබයි. සශ්රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදිත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේ දී සිදුකෙරේ.හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජාකිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද මෙම උත්සවයේ දී සිදුකෙරෙන බව සඳහන්ය. ශ්රී ලාංකේය ජන සමාජය විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය වූවකි. ඒ අතරින් ජනවාරි මාසයේ (දෙමළ ‘තෛ’ මාසයේ) උදාවත් සමඟ සමරනු ලබන තෛපොංගල් උත්සවය හින්දු බැතිමතුන්ගේ ප්රධානතම සංස්කෘතික මංගල්යය ලෙස සැලකේ. මෙය හුදෙක් ආගමික උත්සවයක් පමණක් නොව මිනිසා සහ ස්වභාවධර්මය අතර ඇති නොබිඳෙන සබැඳියාව…
තරග 3කින් සමන්විත ශ්රී ලංකා – පාකිස්තාන විස්සයි20 තරගාවලිය දඹුල්ලේදී අද ආරම්භ වෙයි. පළමු තරගය අද රාත්රී 7ට ආරම්භ වීමට නියමිතය. ශ්රී ලංකා – පාකිස්තාන විස්සයි20 තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර සියලු තරග රංගිරි දඹුල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදි පැවැත්වේ. විස්සයි20 තරගාවලියේ සියලු තරග රංගිරි දඹුල්ල ජාතන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශුරයින්ට පිරිනැමෙන කුසලානය දඹුල්ල ක්රීඩාංගණයේදී දෙපිලේ නායකයින්ගේ ප්රධානත්වයෙන් ඊයේ එළිදැක්වුණි. පාකිස්තාන විස්සයි20 කණ්ඩායමක් ශ්රී ලංකාවේදී විස්සයි20 තරගාවලියක් සඳහා මෙලෙස එක්වන්නේ වසර 11කට පසුවයි. මෙම විස්සයි20 තරගාවලියට සඳහා දඟ පන්දුයවන ක්රීඩක ට්රැවින් මැතිව් පළමුවරට ශ්රී ලංකා විස්සයි20 සංචිතයට කැඳවා ඇති අතර චරිත් අසලංක, ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේද යළි විස්සයි20 සචිතයට කැඳවා…
අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ සඳහා වෙනිසියුලා රජය විසින් බොර තෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්රමාණයක් අලෙවි කිරීමට එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඊයේ (06) රාත්රියේ මේ බව සටහන් කර ඇත. ට්රම්ප් මෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වෙනිසියුලා අන්තර්වාර රජයේ බලධාරීන් විසින් සම්බාධක පනවා ඇති බොර තෙල් මෙලෙස අමෙරිකාවට භාරදෙන බවය. එම තෙල් අලෙවි කර ලැබෙන ආදායම අමෙරිකාව විසින් පාලනය කරනු ඇති අතර, එය වෙනිසියුලා ජනතාව සහ අමෙරිකාව යන දෙපාර්ශ්වයටම ප්රයෝජනවත් වන ලෙස භාවිත කරන බවද ඔහු සඳහන් කළේය. මෙම සැලැස්ම ක්ෂණිකව ක්රියාත්මක කරන ලෙස බලශක්ති අමාත්ය ක්රිස්…
