අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් කවුන්සිලයේ 43 වැනි පාලක මණ්ඩල රැස්වීමට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යට ගොස් සිටින අතරවාරයේයි.

මෙහිදී ‘දිට්වා‘ සුළි කුණාටුවෙන් ශ්‍රි ලංකාවට සිදු වූ බලපෑම් හමුවේ, නැවත ගොඩනැඟීමේ සහ ප්‍රතිසාධන කටයුතු සඳහා එක්සත් රාජධානිය ලබා දුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ස්තූතිය පිරිනමා තිබුණා.

එමෙන්ම දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද දෙපාර්ශවයේ අවධානය යොමු කර තිබූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version