දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාවලට අනුව, දැනට පවතින මෙම වායුගෝලීය කැළඹිලි ස්වභාවය එළඹෙන මැයි 11 වැනිදා (අනිද්දා) වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතිනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පවතින තත්ත්වය මත දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

Share.
Leave A Reply

Exit mobile version