අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණයත් සමග පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් ලොස්ඇන්ජලීස් සහ කැලිෆෝනියාවේ දකුණු දිග ප්‍රදේශයට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

එමෙන්ම, නිවාස පනස්දහසකට පමණ විදුලිය ද විසන්ධි වී තිබෙනවා.

මේ අතර, පවතින අයහපත් කාලගුණයත් සමග එරට ගුවන් ගමන් 1,500කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, 5,400ක් ප්‍රමාද වී ගුවන් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version