දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමිවුණා.
ඒ, කාන්තා හෙල්ල විසීරිමේ ඉසව්වෙන්.
මීටර් 56.7ක දක්ෂතාවයක් දක්වමින් නදිශා ලේකම්ගේ එම පදක්කම දිනාගත්තා.
ආසියානු විසිකිරීමේ ක්‍රීඩා තරගාවලිය දකුණු කොරියාවේදී ඊයේ ආරම්භ වුණා.
මෙම තරගාවලියේදී හෙල්ල විසි කිරීමට අමතරව, යගුලිය, කවපෙත්ත විසි කිරීම වැනි තරග ඉසව් ද පැවැත්වීමට නියමිතයි.

