ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) සමග විශේෂ සාකච්ඡා පැවැත්වීම සඳහා ඇමරිකානු විශේෂ නියෝජිතයින් වන ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ ජැරඩ් කුෂ්නර් (Jared Kushner) කඩිනමින් පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ නමුත්, ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) දැනට මෙම සංචාරයට එක්වීමට සැලසුම් කර නොමැති වුවද, සාකච්ඡාවල ප්‍රගතිය අනුව අවශ්‍ය වුවහොත් ඉස්ලාමාබාද් බලා පිටත්ව යාම සඳහා සූදානමින් සිටින බව එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
මෙම තීරණාත්මක හමුව පැවැත්වෙන නිශ්චිත දිනයක් හෝ වේලාවක් මෙතෙක් අනාවරණය වී ඇත්තේ නැහැ.



