ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (12) හම්බන්තොට ප්‍රදේශයේ යෝධකන්ඩිය බෝධි මහා විහාරය, නාග මහා විහාරය සහ සිතුල්පව්ව මගුල් මහා විහාරයට පැමිණ එහි වැඩසිටින ස්වාමීන් වහන්සේලා මුහුණ දෙන අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. 

බඩු මිල ඉහළ යාම හේතුවෙන් රටේ ජනතාව බොහෝ සේ අසරණවී ඇති තත්ත්වයක් මතුව ඇති බව විපක්ෂ නායකවරයා කියාසිටියේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙනු ඇතැයි ජනතාව අපේක්ෂා කළත් දරාගත නොහැකි අයුරින් විදුලිබිල, ‌ඉන්ධන, ගෑස් සහ ආහාර මිල ඉහළ ගොස් තිබේ.

පොහොර හිඟයක් මතුවීම වැනි තත්ත්වයන් තුළ රටේ ආහාර සුරක්ෂිතභාවයට‌ මර පහරක් එල්ලවී ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

මේ බඩුමිල වැඩිවීමට ලබා දෙන විසඳුම ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ප්‍රශ්න කරන බවත් මේ අවස්ථාවේ තෙල්, ගෑස් මිල සේම විදුලි බිල, බඩු මිල, පොහොර සහ ඖෂධ මිල අඩු කිරීම ආදිය සිදුවිය යුතුය.

දසලක්ෂ සංඛ්‍යාත ජනතාව රවටා බලයට පැමිණි මේ රජයට තවමත් මේ බඩු මිල වැඩිවීමට විසඳුමක් ලබාදීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply

Exit mobile version