අමෙරිකා එක්සත් ජනපදය, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන සියලුම නෞකා අවහිර කිරීමට (Blockade) වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන සහ ඉන් පිටවන ඕනෑම නෞකාවක් නැවැත්වීමේ ක්‍රියාවලිය අමෙරිකානු නාවික හමුදාව විසින් ආරම්භ කරනු ඇති බවයි.
එමෙන්ම, ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරානයට කිසියම් හෝ මුදලක් හෝ ගාස්තුවක් (Toll) ගෙවන සියලුම නෞකා සොයා බලා ඒවා අත්අඩංගුවට ගන්නා ලෙස හෝ අවහිර කරන ලෙස (Interdict) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නාවික හමුදාවට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මෙලෙස නීතිවිරෝධී ලෙස ඉරානයට ගාස්තු ගෙවන කිසිදු නෞකාවකට ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ නොදෙන බවයි.
#newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo #america #americapresident #Trump #TrumpNews #TrumpAdministration #iran #HormuzStrait


