ඉරාන ත්‍රස්ත රාජ්‍යයේ ඉතිරිව ඇති කොටස ද විනාශ කර අවසන් කළ යුතු බවට අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉරානයට එරෙහිව දැනටමත් දියත් කර ඇති ප්‍රහාර තවදුරටත් දැඩි කරමින් එරට පාලන බලය සම්පූර්ණයෙන්ම අඩපණ කරන බවට ඔහු ඉඟි කර ඇති බවද සඳහන් වෙයි.

මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ලබාගන්නා නමුත්, මේ සඳහා නිසි සහයෝගයක් ලබා නොදෙන මිත්‍ර රටවල් ඔහු දැඩි ලෙස විවේචනය කර ඇත.

මාර්තු 1 වැනිදා සිට ඉරානය විසින් වසා දමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා අමෙරිකාවේ මිත්‍ර රටවල් මෙන්ම චීනය ද මැදිහත් විය යුතු බව ද ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version