ඉරානයේ වයඹදිග සන්ජාන් (Zanjan) පළාතේ සිදු වූ බෝම්බ පිපිරීමකින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) සාමාජිකයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ ක්‍රියාත්මක නොවූ පුපුරණ ද්‍රව්‍ය (Unexploded ordnance) ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් අතරතුරදී බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

එමෙන්ම, පිපිරීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව ඉරානයේ ‘ෆාර්ස්’ (Fars) පුවත් ඒජන්සියද වාර්තා කරනවා.

මියගිය පිරිස ක්‍රියාත්මක නොවූ පතොරම් සහ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පත් කරන ලද විශේෂ ඒකකයකට අයත් නිලධාරීන් බවයි එම වාර්තාවේ සඳහන්.

Share.
Leave A Reply

Exit mobile version