යෝජිත ගිවිසුමට ඉරානය එකඟතාව පළ කරන්නේ නම්, දැනට ක්‍රියාත්මක “එපික් ෆියුරි” (Epic Fury) මෙහෙයුම සහ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් (හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිරය ) අවසන් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

කෙසේ වෙතත්, ඉරානය ඊට එකඟ නොවන්නේ නම්, මීට වඩා දැඩි තීව්‍රතාවයකින් යුතුව යළිත් බෝම්බ ප්‍රහාර ආරම්භ කරන බවට ඔහු අනතුරු ඇඟවීමක් ද සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

දැනට පවතින තාවකාලික සටන් විරාමය හමුවේ වුවද, අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය කලාපීය නොසන්සුන්තාව තවදුරටත් ඉහළ නැංවීමට හේතු වී තිබේ.

ජනපතිවරයා පැවසූ අදහස පහතින්.

”එකඟ වූ කරුණු ලබා දීමට ඉරානය එකඟ වන්නේ යැයි උපකල්පනය කළහොත් – එය බොහෝ විට විශාල උපකල්පනයක් විය හැකිය – දැනටමත් ලෝක ප්‍රසිද්ධ වී ඇති ‘එපික් ෆියුරි’ මෙහෙයුම අවසන් වනු ඇත. එමෙන්ම දැනට ක්‍රියාත්මක ඉතා සාර්ථක නාවික අවහිරය ඉවත් කර හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය ඇතුළු සියලු දෙනාටම විවෘත කිරීමට ඉඩ සලසනු ඇත. ඔවුන් ඊට එකඟ නොවන්නේ නම්, බෝම්බ හෙලීම ආරම්භ වන අතර, එය කණගාටුදායක ලෙස පෙරට වඩා බෙහෙවින් ඉහළ මට්ටමකින් සහ දැඩි තීව්‍රතාවයකින් යුක්ත වනු ඇත. මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීම ගැන ස්තූතියි! ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

මේ අතර, අමෙරිකානු තර්ජන මැඩපැවැත්වීමෙන් පසු හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ‘ස්ථාවර ගමනාගමනය’ තහවුරු කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසයි.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම සඳහා පනවා ඇති නව ඉරාන රෙගුලාසිවලට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් පර්සියානු බොක්ක සහ ඕමාන් බොක්ක ආශ්‍රිතව යාත්‍රා කරන නෞකා හිමියන්ට සහ කපිතාන්වරුන්ට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය‍ෙ නාවික හමුදාව ස්තූතිය පළ කර තිබේ.

X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් IRGC බලකාය සඳහන් කළේ, ආක්‍රමණිකයන්ගේ තර්ජන මැඩපවත්වා ඇති බැවින් නව නීතිරීති යටතේ ආරක්ෂිත ගමනාගමනය සහතික කරන බවය.

Share.
Leave A Reply

Exit mobile version