දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව අධිකරණ සහ ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහා අධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ භාරේ පවතින ගොඩනැගිලි හතරක් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් වෙත භාරදීමට
කැබිනට් අනුමැතිය හිමි වී තිබුණා.

ඒ අනුව, නව මහාධිකරණ හතර ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ, හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, සනත් නිශාන්ත, දිළුම් අමුණුගම සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්බන්ධන් මහතා භාවිතා කළ නිල නිවාස හතරයි.

Share.
Leave A Reply

Exit mobile version