Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෝමුස් සමුද්‍ර සන්ධිය වැසුණොත් ලොව පුරා ආහාර මිල අර්බුදයක් – FAO සංවිධානයෙන් රතු නිවේදනයක් –

    May 21, 2026

    අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිලත් ඉහළ යයි: බස් ගාස්තුත් වැඩිවන ලකුණු

    May 21, 2026

    නුවරඑළිය තැපැල්හලේ පැරණි අකුණු සන්නායක කොල්ලය පරීක්ෂණ යට ගහන බවට චෝදනා

    May 21, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී Marina and Waterfront නේවාසික අත්දැකීමක් සඳහා ප්‍රයිම් මෙල්වා ගිවිසුම් අත්සන් කරයි
    උණුසුම් පුවත්

    කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී Marina and Waterfront නේවාසික අත්දැකීමක් සඳහා ප්‍රයිම් මෙල්වා ගිවිසුම් අත්සන් කරයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 21, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ “Port City” වරාය නගරයේ සුවිශේෂී marina and waterfront නේවාසික සංවර්ධන ව්‍යාපෘති අතර ඓතිහාසික මං සළකුණක් සනිටුහන් කරමින්, ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පුද්.) සමාගම විසින්, CHEC Port City Colombo (පුද්.) සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කරන්නට යෙදිණි.

    කොළඹ වරාය නගර සංකීර්ණය තුළ මේ වන විට පවතින එකම marina and waterfront නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය ලෙසට හැඳින්විය හැකි මෙය, කලාපය තුළ මින් පෙර දක්නට නොලැබුණු අන්දමේ ජීවන රටාවක අත්දැකීමක් ලබා දෙන ආකාරයෙන් සැලසුම් කර ඇත. කොළඹ වෙරළ කලාපය සහ ඉන්දියන් සාගරය දිස් වන ආකාරයෙන් ඉදිවීමට නියමිත මෙම ව්‍යාපෘතිය, අගනා නිර්මාණ සැලසුමකින් සහ ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් වලින් සමන්විතව, අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පීය විශිෂ්ටත්වයකින් යුක්තව ඉදිවනු ඇත. එසේම මෙය, සුඛෝපභෝගී බවෙන් පිරිපුන් දකුණු ආසියාතික marina and waterfront ජීවන අත්දැකීමකට නව අරුතක්ද එක් කරනු ඇත.

    කලාපය තුළ ගෝලීය වශයෙන් වැදගත් කමක් උසුලන නාගරික ඉදිකිරීම් අතරින් එකක් වීමට නියමිත මෙම ව්‍යාපෘතිය, දිනෙන් දින සංවර්ධනය වන කොළඹ භූ දර්ශනය තුළ මං සළකුණක් වනු ඇත. එමෙන්ම, ජාත්‍යන්තර තරඟකාරීත්වයෙන් යුතු සුඛෝපභෝගී දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ වැදගත් ගමනාන්තයක් ලෙසට ශ්‍රී ලංකාවේ අත්පත් කොට ගනිමින් සිටින ප්‍රමුඛස්ථානය ද මෙයින් සංකේතවත් වනු ඇත.

    මෙම වැදගත් සහයෝගීතාවය, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සුවිශේෂී සමාගම් දෙකක් වන ප්‍රයිම් සමූහය සහ මෙල්වා සමාගම ඒකාබද්ධ වීමක් ලෙසින් දැක්විය හැක. ඔවුන් දශක ගණනාවක් පුරාවට රැකගත් වෙළඳපල පළපුරුද්ද සහ නායකත්වය, උපායමාර්ගික දූරදර්ශීභාවය සහ දැනට අත්පත් කොට ගෙන තිබෙන විශිෂ්ටත්වය, මෙම ව්‍යාපෘතිය ඔස්සේ එක් කෙරෙනු ඇත. ඒ අනුව, මෙම සුසං‍යෝගය ඔස්සේ සැබවින්ම ගෝලීය මට්ටමක පවතින නාගරික marina and waterfront නේවාසික ව්‍යාපෘතියක් නිර්මාණය වීමට නියමිතව තිබේ.

    මෙය තවත් එක් ඉහළ මට්ටමේ නාගරික ඉදිකිරීම් ව්‍යාපෘතියක් නොව, ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව ලබා දෙන සහතිකයක් යැයි පැවසීම නිවැරදි වේ. එසේම ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරික සහ ආයෝජන මධ්‍යස්ථානයක් ලෙසට කොළඹ වරාය නගරය පිළිබඳව ලෝකය තුළ පවතින විශ්වාසයද මේ ඔස්සේ පෙන්නුම් කෙරෙනු ඇත. දිගුකාලීන ආර්ථික වටිනාකමක් සහිත, විදෙස් ආයෝජනයන් ආකර්ෂණය වන, එසේම ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම පිළිබඳව පවතින ගෝලීය විශ්වාසය සවිබල ගැන්වෙන ආකාරයේ සංවර්ධනයන් සඳහා ආයෝජනය කිරීමට ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික සමාගම් දක්වන කැපවීම ද මෙම ව්‍යාපෘතිය ඔස්සේ තවදුරටත් පෙන්නුම් කෙරෙනු ඇත.

    කොළඹ වරාය නගර පරිශ්‍රය තුළ තිබෙන අවසාන marina and waterfront නේවාසික සංවර්ධන ව්‍යාපෘතීන්ගෙන් එකක් ලෙසට මෙම භූමිභාගය සුවිශේෂී උපායමාර්ගික වැදගත්කමක් දරණ අතර, එහි දීර්ඝකාලීන ආයෝජන වටිනාකමක්ද තිබේ. ශ්‍රී ලංකාවේ විශේෂ ආර්ථික කලාපයක් තුළ පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය මගින්, ගෝලීය මට්ටමේ සුඛෝපභෝගී marina and waterfront ජීවන රටාවක් සොයන, එසේම ආසියාවේ ඉහළම තලයේ සංචාරක ගමනාන්තයක ආරක්ෂිතව ආයෝජනය කිරීමට අවස්ථාවක් සොයන ජාත්‍යන්තර ආයෝජකයන්ව, විදේශිකයන්ව සහ ඉහළ මට්ටමේ ගැනුම්කරුවන්ව ආකර්ෂණය කර ගනු ඇත.

    මෙම ඓතිහාසික සහයෝගීතාවය ප්‍රයිම් ලෑන්ඩ්ස් සමූහය සහ මෙල්වා සමූහය එක්ව සිදුකරන තවත් එක් සුඛෝපභෝගී නාගරික ව්‍යාපෘතියක් පමණක් නොවනු ඇත. ඊට වඩා මෙම ව්‍යාපෘතිය මගින්, ​​ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ප්‍රමුඛ මට්ටමකට පැමිණීම සංකේතවත් කරනු ඇත.

    ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පුද්.) සමාගම, CHEC Port City Colombo (පුද්.) සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළැඹීම සඳහා ගැනුම් සහ විකුණුම් ගිවිසුමක් (SPA) අත්සන් කරන ලදී.

    වමේ සිට දකුණට: CHEC Port City Colombo (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සියොන්ග් හොංෆෙන්ග්, ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ, ප්‍රයිම් සමූහයේ සම සභාපතිනි සඳමිණි පෙරේරා සහ මෙල්වා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ පී. පී. ආනන්දරාජා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    හෝමුස් සමුද්‍ර සන්ධිය වැසුණොත් ලොව පුරා ආහාර මිල අර්බුදයක් – FAO සංවිධානයෙන් රතු නිවේදනයක් –

    May 21, 2026

    අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිලත් ඉහළ යයි: බස් ගාස්තුත් වැඩිවන ලකුණු

    May 21, 2026

    නුවරඑළිය තැපැල්හලේ පැරණි අකුණු සන්නායක කොල්ලය පරීක්ෂණ යට ගහන බවට චෝදනා

    May 21, 2026

    වෙනදාමෙන්ම ගම්මන්පිලගේ සිංහනාදය උසාවියේදී බලුකෙඳිරියක් වෙයි : රංග නිශාන්තගේ මරණය ගැන අපට කිසිදු සැකයක් නැහැ බිරිඳ සහ දියණිය කුලියාපිටිය අධිකරණයේදී සාක්ෂි දෙයි

    May 21, 2026

    බ්ලූම්බර්ග් වෙබ් අඩවියත් ශ්‍රී ලංකා රුපියල පහත දමයි

    May 21, 2026

    RDA ඉංජිනේරු සංගමය අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

    May 21, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය වැසුණොත් ලොව පුරා ආහාර මිල අර්බුදයක් – FAO සංවිධානයෙන් රතු නිවේදනයක් –

    May 21, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීම ගෝලීය කෘෂි-ආහාර පද්ධතියට එල්ල වන දැඩි බලපෑමක්…

    අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිලත් ඉහළ යයි: බස් ගාස්තුත් වැඩිවන ලකුණු

    May 21, 2026

    නුවරඑළිය තැපැල්හලේ පැරණි අකුණු සන්නායක කොල්ලය පරීක්ෂණ යට ගහන බවට චෝදනා

    May 21, 2026

    වෙනදාමෙන්ම ගම්මන්පිලගේ සිංහනාදය උසාවියේදී බලුකෙඳිරියක් වෙයි : රංග නිශාන්තගේ මරණය ගැන අපට කිසිදු සැකයක් නැහැ බිරිඳ සහ දියණිය කුලියාපිටිය අධිකරණයේදී සාක්ෂි දෙයි

    May 21, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    හෝමුස් සමුද්‍ර සන්ධිය වැසුණොත් ලොව පුරා ආහාර මිල අර්බුදයක් – FAO සංවිධානයෙන් රතු නිවේදනයක් –

    May 21, 2026

    අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිලත් ඉහළ යයි: බස් ගාස්තුත් වැඩිවන ලකුණු

    May 21, 2026

    නුවරඑළිය තැපැල්හලේ පැරණි අකුණු සන්නායක කොල්ලය පරීක්ෂණ යට ගහන බවට චෝදනා

    May 21, 2026

    වෙනදාමෙන්ම ගම්මන්පිලගේ සිංහනාදය උසාවියේදී බලුකෙඳිරියක් වෙයි : රංග නිශාන්තගේ මරණය ගැන අපට කිසිදු සැකයක් නැහැ බිරිඳ සහ දියණිය කුලියාපිටිය අධිකරණයේදී සාක්ෂි දෙයි

    May 21, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    හෝමුස් සමුද්‍ර සන්ධිය වැසුණොත් ලොව පුරා ආහාර මිල අර්බුදයක් – FAO සංවිධානයෙන් රතු නිවේදනයක් –

    May 21, 2026

    අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිලත් ඉහළ යයි: බස් ගාස්තුත් වැඩිවන ලකුණු

    May 21, 2026

    නුවරඑළිය තැපැල්හලේ පැරණි අකුණු සන්නායක කොල්ලය පරීක්ෂණ යට ගහන බවට චෝදනා

    May 21, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.