ඉරානය නව ගිවිසුමට සම්පූර්ණයෙන්ම අනුකූල වන තෙක් සියලුම අමෙරිකානු නෞකා, ගුවන් යානා සහ හමුදා නිලධාරීන් ඉරානය තුළ සහ ඒ අවට රැඳී සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

‘Truth Social’ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, “දැනටමත් සැලකිය යුතු ලෙස දුර්වල වී ඇති සතුරෙකු විනාශ කිරීම සඳහා අවශ්‍ය අමතර පතොරම්, අවි ආයුධ සහ අනෙකුත් සියලුම දෑ සමඟින්, සියලුම අමෙරිකානු නෞකා, ගුවන් යානා සහ හමුදා නිලධාරීන් ඉරානය තුළ සහ ඒ අවට රැඳී සිටිනු ඇත. ඒ ඔවුන් අප ඇති කරගත් ‘සැබෑ ගිවිසුමට’ සම්පූර්ණයෙන්ම අනුකූල වන තෙක් පමණි.” යනුවෙන්.

#newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

Share.
Leave A Reply

Exit mobile version