චීනය විසින් තායිවාන මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව යුද අභ්‍යාසයක් සිදුකර තිබේ.

චීන යුද, ගුවන් හා නාවික හමුදා ඒ සඳහා අනුයුක්ත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තායිවානය සඳහා ඩොලර් බිලියන 11ක දැවැන්ත අවි ආයුධ පැකේජයක් ලබාදෙන බවට අමෙරිකාව විසින් නිවේදනය කර දින කිහිපයකට පසුව චීනය මෙම යුද අභ්‍යාසය සිදුකිරීම විශේෂත්වයකි.

මේ අතර චීනය විසින් සිය මුහුදු ප්‍රදේශයේ සිදුකරන යුද අභ්‍යාසය තායිවාන රජය හෙළා දැක ඇති අතර එය ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව ඔවුන් සඳහන් කර ඇත.

Share.
Leave A Reply

Exit mobile version