ලෝකයේ ඕනෑම රටක ඕනෑම සංස්කෘතියක කාන්තාවකගේ රූපලාවන්‍ය බෑගය තුළ නැතිවම බැරි අංගයක් වන්නේ ලිප්ස්ටික්ය. රතු, රෝස, තැඹිලි ආදී විවිධ වර්ණයන්ගෙන් දෙතොල් හැඩගන්වන ලිස්ටික් තට්ටුවක් තැවර්මෙන් කාන්තාවකගේ මුහුණට ලැබෙන්නේ අමුතුම දීප්තියකි.
එහෙත් මෑතකාලීන ලෝක ප්‍රකට විද්‍යාත්මක පර්යේෂණ ආයතන කිහිපයක් විසින් සිදු කරන ලද අධ්‍යයනයන් මගින් හෙළිකර ඇත්තේ මෙම අලංකාරය පිටුපස “කැඩ්මියම්” නමැති අතිශය විෂ සහිත මාරාන්තික බර ලෝහය සැඟවී ඇති බවයි. මෙය රූපලාවන්‍ය ලෝකයේ පමණක් නොව පොදුවේ සෞඛ්‍ය ක්ෂේත්රයේම දැඩි කතාබහට ලක්විය යුතු බරපතළ අනාවරණයකි.
කැඩ්මියම් යනු පෘථිවි පෘෂ්ඨයේ ස්වභාවිකව හමුවන මූලද්‍රව්‍යයක් වුවද, එය මිනිස් සිරුරට අතීශය අහිතකර ලෝහයකි. රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්තයේදි විශේෂයෙන්ම කහ යන තැඹිලි වැනි දිප්තිමත් පැහැයන් ලබා ගැනීම සඳහා කැඩ්මියම් වර්ණකයක් ලෙස භාවිත කරයි.
බොහෝ දෙනා සිතා සිටින්නේ මෙය ඇතැම් වර්ණවලට පමණක් සීමා වූවක් බවයි. එහෙත් නවතම් පර්යේෂණවලින් හෙළි ඇත්තේ පරීක්ෂාවට ලක්කළ සෑම වර්ණයකම සහ සෑම වර්ගයකම පාහේ ලිප්ස්ටික්වල මැනිය හැකි මට්ටමින් කැඩීමියම් අඩංගු වන බවයි.
වඩාත් භයානක කරුණ වන්නේ ඇතැම් ජනප්‍රිය සන්නාම සහිත ලිපික්වල පවා ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය මගින් නියම් කර ඇති උපරිම සීමාව වන 3mg/kg ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි කැඩ්මියම් ප්‍රමාණයක් අඩංගු වී තිබීමයි.
දිනකට කිහිප වතාවක් දෙතොල් මත තවරන ලිප්ස්ටික්, කතා කරන පිට හෝ ආහාර ගන්නා පිට නොදැනුවත්වම සිරුර තුළට අවශෝෂණය වීම වැළැක්විය නොහැක.
කැඩීමියම් අනෙකුත් රයායනිකයන්ට වඩා භයානක වන්නේ එය සිරුර තුළ තැන්පත් වීමේ ස්වභාවය නියාය. වරක් සිරුරට ඇතුළු වූ කැඩ්මියම් බැහැර වීමීට දශක කිහිපයක් ගත වේ. එමිනියා ඉතා සුළු ප්‍රමාණයකින් දිනපතා සිරුරට ඇතුළු වුවද වසර කිහිපයක් යනවිට එය මාරාන්තික මට්ටමක් දක්වා සිරුර තුළ වර්ධනය වේ.
මෙය ප්‍රධාන වශයෙන් අපගේ වකුගඩු, අස්ථි පද්ධතිය, හෝමෝන ක්‍රියාකාරීත්වය, හෘදය සහ පෙනහළු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි. ශරීර ගත වන කැඩ්මියම්වලින් වැඩිම ප්‍රමාණයක් ගබඩා වන්නේ වකුගඩුවලයි. කැඩ්මියම්වල අර්ධ ආයු කාලය වයර 10 සිට 30 දක්වා පමණ වන බැවින් එම කාලය පුරාම එය වකුගඩු නාලවලට හානි සිදු කරයි.
මෙම තත්ත්වය නිසා වකුගඩු මගින් සිදු කරන පෙරීමේ ක්‍රියාවලිය අඩාල වී සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් යන සීනි මුත්‍රා සමග පිටවීමට පටන් ගනී. වෛද්‍ය විද්‍යාවේදී මෙය Fauaconi’s Syndrome ලෙස හඳුන්වන අතර මෙය අවසානයේදී සුවකළ නොහැකි නිධන්ගත වකුගඩු රෝගයක් දක්වා වර්ධනය වේ.
මීට අතරව කැඩීමියම් මගින් සිරුරෙ අස්ථි පද්ධතියට එල්ල කරන්නේ මරු පහරකි. අපගේ අස්ථිවල සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන කැල්සියම්, පොස්පරය් යන විටමින් D පරිවෘත්තීය ක්‍රියාවලියට මෙම බැර ලෝහය බාධා පමුණුවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙය අස්ථිවල ඝනත්වය අඩු වී පහසුවෙන් බිඳී යෑමේ අවදානම් හෙවත් ඕස්පියෝපොරෝයිස් තත්ත්වය ඇති වේ.
තවද අස්ථී මෘදු වීම හෙවත් ඕල්පියෝලේශියා තත්ත්වය නියා සුළු වැටීමකදි පවා අස්ථි බිඳි යා හැක. ජපානයෙන් මුලින්ම වාර්තා වූ Itai – itai රෝගය ද කැඩ්මියම් විෂ වීමේ බරපතල අදියරකි. එම රෝධීන්ගේ අස්ථි කොතරම් දුර්වල වී ඇත්ද යත් ඔවුන් කැස්සක් ඇති වූ විට පවා අස්ථි බිඳී යෑම නිසා දැඩි වේදනාවෙන් විඳිනු ලබයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර පර්යේෂණ ආයතන විසින් කැඩීමියම් යනු මිනියාට පිළිකා ඇති කරන රසායනයක් බව නිල වශයෙන් ප්රකකාශ කර ඇත. ලිප්ස්ටික් හරහා හෝ වෙනත් ක්‍රමවලින් දීර්ඝකාලීනව කැඩ්මියම් ශරීරගත වීම පෙනහළු පිළිකා, වකුගඩු පිළිකා, ප්‍රොස්ටේට් පිළිකා සහ මුත්‍රාශයේ පිළිකා ඇතිවීමේ අවදානම් සමග සෘජු සම්බන්ධතාවක් පවතින බව පර්යේෂණාත්මකව තහවුරු කර තිබේ.
පිළිකාව වැනි මාරාන්තික රෝගවලට ඔබේ ප්‍රියතම ලිප්ස්ටික් එක පාර කපන්නේ නම් ඒ පිළිබඳව නැවත සිතා බැලීමට කාලය එළැඹ ඇත.
ලිප්ස්ටික් භාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීම ප්‍රායෝගික නොකල හැකි වුවද පාරිභෝගිකයන් ලෙස අප වඩාත් විචක්ෂණශීලී විය යුතුය. වෙළෙදපොළේ ඇති ඉතා ලාභදායී ප්‍රමිතියෙන් තොර ලිපික් වර්ගවල මෙම විෂ් ලෝහ අඩංගු වීමේ දාරිතාවය වැඩිය.
නිෂ්පාදනයේ අඩංගු අමුද්‍රව්‍ය ලැයිස්තුව පරීක්ෂා කිරීමත් ලොව පිළිගත් සෞඛ්‍ය සහතික ලත් නිෂ්පාදන පමණක් තෝරා ගැනීමත් අභ්යවශ්ය වේ. අලංකාරය යනු හුදෙක් බාහිරින් පෙනෙන දිප්තියක් පමණක් නොවේ, සැබෑ රූපලාවන්‍යය රැඳි පවතින්නේ නිරෝගී ශරීරයක් තුළය.

