සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට මරණ තර්ජන එල්ල වී ඇති බව එම මන්ත්‍රීවරයා විසින් අද පාර්ලිමේන්තුවෙදී පවසා සිටියා.

පොලිස්පතිවරයා විසින් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නිකුත් කරන ලද රහස්‍ය වාර්තාවක් සභාගත කරමින් ඔහු මේ බව සඳහන් කළා.

එම වාර්තාවේ සඳහන් වී ඇත්තේ නිවසේ සිට වාහනෙන් එළියට පැමිණෙන අවස්ථාවේදී එම මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට සැලසුමක් පවතින බවත් ඒ පිළිබද සොයා බලන ලෙසටත් වනවා.

#newsforcelk#සත්‍යයේපෙරමුණ #newsforcelkworld#newsforceleklankanews#newsforcesrilanka#newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version