පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ගෙවීම් අංශයේ මුදල් භාරව කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකි

ඔහු පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් තිස්පන් ලක්ෂ හතලිස්දහස් හාරසිය පහලොවක මුදලක් වංචා කර ඇති බව පොලීසිය පැවසීය.

පොදු දේපොළ පනත යටතේ සැකකරුට චෝදනා එල්ල කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

පොලිස්පතිවරයාගේ උපෙදස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අධික්ෂණයෙන් නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් ආරියවංශ මහතා විසින් විමර්ශන සිදුකරයි.

Share.
Leave A Reply

Exit mobile version