බංග්ලාදේශය තුළ යළිත් වරක් ඔඩුදුවමින් තිබෙන ප්‍රචණ්ඩත්වය අතරතුර එරට ලක්ෂ්මිපූර් ප්‍රදේශයේ බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක බෙලාල් හුසේන්ගේ නිවසට පිරිසක් ගිනිතබා තිබේ.

එහිදී බෙලාල් හුසේන්ගේ හත් හැවිරිදි ගැහැණු දරුවා මියගොස්, ඔහු සහ ඔහුගේ අනෙක් ගැහැණු දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නිවැසියන් රාත්‍රී ආහාරය ගෙන නින්දට ගිය පසු අද (21) අලුයම 2ට පමන නිවසේ දොරවල් පිටතින් අඟුළු දමා පෙට්‍රල් වත් කර නිවසට ගිනි තබා ඇති බව වාර්තා වේ.

අදාළ නිවස සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇති බව සඳහන් වේ.

මෙලෙස ගින්නෙන් මියගොස් ඇත්තේ අයේෂා අක්ටර් නම් 7 හැවිදි කුඩා ගැහැණු දරුවෙකි.

ගින්නෙන් තුවාල ලබා ඇත්තේ 50 හැවිරිදි බෙලාල් හොසේන් සහ ඔහුගේ දියණියන් වන 17 හැවිරිදි බීති අක්ටර් සහ 14 හැවිරිදි ස්මෘති අක්ටර් යන තිදෙනායි.

දියණියන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා එරට ජාතික පිළිස්සුම් හා ප්ලාස්ටික් සැත්කම් රෝහල වෙත මාරුකර යවා ඇති අතර ඔවුන් දෙදෙනාගේ ද තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය පවසයි.

බෙලාල් ලක්ෂ්මිපූර් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් සඳහන් වේ.

Share.
Leave A Reply

Exit mobile version