බටහිර ඉවුරේ තුල්කර්ම් (Tulkarm) හි පිහිටි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක් පසුගිය සිකුරාදා විනාශ කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) ඉරිදා උදෑසන ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි
එම රසායනාගාරය තුළ තිබී බට බෝම්බ (pipe bombs) 200ක් පමණ ඇතුළු වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය (IEDs) රැසක්, ගිනි නිවන උපකරණ, වාහනවලට සවිකර පුපුරුවා හැරීමට සකස් කරන ලද විශාල ගෑස් සිලින්ඩර සහ කිලෝග්‍රෑම් 50කට වැඩි වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන ඇත.
මෙම පුපුරණ ද්‍රව්‍ය බටහිර ඉවුරේ සිටින ඊශ්‍රායල හමුදා භටයින්ට සහ සිවිල් වැසියන්ට එරෙහිව ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබූ බව IDF පවසයි. එමෙන්ම අදාළ ප්‍රදේශයේ හමුදා ත්‍රස්ත මර්දන මෙහෙයුම් ආරම්භ වීමට පෙර සිටම මෙම රසායනාගාරය ක්‍රියාත්මක වී ඇති බව ද හමුදාව වැඩිදුරටත් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්ථා කරයි


