”මත්තල ජාත්‍යන්තර ගුවන්තොට වලට වන සතුන්ගෙන් එල්ලවන තර්ජන වැළැක්වීමට පියවර ගැනීමත් සමඟ එය වන සතුන්ගෙන් ආරක්ෂිත ගුවන් තොටුපළක් ලෙස සහතික කෙරුණා”
ඒ අනුව එම ගුවන් තොටුපළ වෙත මෙහෙයුම් කරන ගුවන් සේවා සමාගම් වැඩිකර ගැනීමම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතාප්‍රකාශ කර තිබෙනවා
දැනට මත්තල ගුවන්තොටුපලට මෙහෙයුම් සේවා සිදුකරන ගුවන් සේවා ගණන හතරක්
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ නව ගුවන් සේවා පැමිණීමත් සමගමගුවන් තොටුපළේ මෙහෙයුම් අලාභය අඩු කර ගතහැකි බවයි
මත්තල ගුවන්තොටුපල දැනට මාසිකව රුපියල් මිලියන 250ක පාඩුවක් ලබනවා


