සමාජ මාධ්‍යවල සංසරණය වන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග තමා පෙනී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයේ සිටින්නේ තමා නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පවසනවා.

සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් එම විවාහ මංගල්‍යයට තමන් සහභාගී නොවූ බවත්, එම උත්සවයට තමන්ට ආරාධනා කර නොතිබුණු බවයි මන්ත්‍රීවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

එම ඡායාරූපය සංස්කරණය ලද එකක් නම්, නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි සඳහන් කර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version