රටේ විපක්ෂයක් තිබෙනවා දැයි මේ වන විට ගැටලුවක් මතුවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසනවා.

රටේ විපක්ෂ නායකවරයා වශයෙන් සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක බවත්, හවස ප්‍රවෘත්තිවල විපක්ෂයේ ප්‍රධාන කතාව වන්නේද ඔහුගේ කතාව වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ.

එයින් විපක්ෂය පත්ව ඇති තැන සිතා ගැනීමට හැකි බව ද, අද පාර්ලිමේන්තුවේ විපක්ෂයක් නොමැති බව ද ලේකම්වරයා සඳහන් කර සිටියා.

විපක්ෂය කිසිදු ගැටලුවක් සාකච්ඡා නොකරන බවත්, ලංකා ඉතිහාසය ගත්විට, සම්පූර්ණයෙන්ම යමක් සම්බන්ධව තර්කානුකූල ප්‍රවේශයක් නොමැති එකම විපක්ෂය වත්මන් පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂය බවත්, මේ රට තුළ ඇත්තේ මන්ද බුද්ධික විපක්ෂයක් පමණක් බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Share.
Leave A Reply

Exit mobile version