මුහුදේ ප්‍රවාහනය වෙමින් තිබෙන රුසියානු තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අමෙරිකාව තවත් මසක සහන කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ කර ඇති ලේඛනයකට අනුව, ඊයේ වන විට නෞකාවලට පටවා ඇති තෙල් මිලදී ගැනීමට මැයි 16 දක්වායි අවසර දී ඇත්තේ.

මෙය අප්‍රේල් 11 වැනිදා අවසන් වූ දින 30ක සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීමක්.

රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට අමෙරිකානු සම්බාධකවලට මුහුණ දීමට සිදු නොවන පරිදි ලබා දී තිබූ මෙම සහනය වොෂින්ටනය විසින් අලුත් නොකරන බවට භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් ප්‍රකාශ කර දින දෙකකට පසුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

රුසියාවේ ජනාධිපති නියෝජිත කිරිල් දිමිත්‍රීව් (Kirill Dmitriev) පවසා තිබුණේ, මෙම පළමු සහන කාලය හරහා රුසියානු බොර තෙල් බැරල් මිලියන 100ක් නිදහස් වනු ඇති බවයි.

එය ලෝකයේ දිනක නිෂ්පාදනයට ආසන්න වශයෙන් සමාන වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share.
Leave A Reply

Exit mobile version