වතු සේවකයන්ට පැමිණීමේ දිරි දීමනාවක් ලෙස රුපියල් දෙසීයක දීමනාවක් ලබා දීමට රජය මෙවර අයවැයෙන් පොරොන්දු වී තිබේ.
වතු- සේවකයන් පෞද්ගලික අංශයට සම්බන්ධ බැවින්, ඔවුන් වෙනුවෙන් රජයේ අරමුදල් වැය කළ හැකිද යන්න පිළිබදව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අවධානය යොමු වී ඇති බව අද වෙළද පොලට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි.
ඊයේ දිනයේ දී රැස් වී ඇති රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මේ පිළිබදව සාකච්ඡා කර ඇති අතර, ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ, පෞද්ගලික අංශයේ සේවකයන්ට දීමනා ලබා දීම සදහා රාජ්‍ය මුදල් වැය කිරීම අනීතික බව යි.
මේ පිළිබඳව අයවැය විවාදයේ දී මතු කිරීමට ඔවුන් සූදානම් වේ.

Share.
Leave A Reply

Exit mobile version