විදුලි ගාස්තු සියයට 25කින් පමණ ඉහළ යාම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය අධික ලෙස වැඩි වී ඇති නිසා 2026 වසරේදී ඇඟලුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට නොහැකි වනු ඇතැයි එම සංසදය පවසයි.

ඇනවුම් පහළ යාම: ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ඉහළ යාම හේතුවෙන් දේශීය ඇඟලුම් නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින ඉල්ලුම සහ ලැබෙන ඇනවුම් ප්‍රමාණය අඩු වෙමින් පවතින බව එම සංසදයේ විධායක කමිටු සාමාජික ඉන්දික ලියනහේවගේ මහතා ප්‍රකාශ කරයි.

අපනයනයෙන් උපයන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් රජයට සහ විදුලිබල සමාගම් වෙත ගෙවීමට සිදුවීම මීට හේතුවයි.

මේ නිසා ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන ලක්ෂ තුනහමාරක් (350,000) පමණ වන සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කිරීම් සහ ප්‍රසාද දීමනා ලබා දීම බරපතළ ලෙස දුෂ්කර වී ඇත.

පවතින මෙම අහිතකර තත්ත්වය හමුවේ ඉදිරියට ඇඟලුම් කර්මාන්තශාලා පවත්වාගෙන යාම පවා දැඩි අභියෝගයක් වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

Exit mobile version