තරග 05කින් සමන්විත සත්කාරක ඉන්දියා – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන T20 තරගාවලියේ තුන්වැනි තරගයත් පරාජයට පත් වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවුණා.

ඒ කඩුළු 08කින්.

අද (26) තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 112ක් රැස් කර ගැනීමට සමත් වුණා.

එහිදී හසිනි පෙරේරා ලකුණු 25ක්ද, ඉමේෂා දුලානි ලකුණු 27ක්ද, කවීෂා දිල්හාරි ලකුණු 20ක්ද, කෞෂිනි නූත්යාංගනා නොදැවී ලකුණු 19*ක්ද ලෙසින් කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභීන් වුණා.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් රේණුකා සිං කඩුළු 04ක්ද, දීප්ති ෂර්මා කඩුළු 03ක්ද දවා ගත්තා.

අනතුරුව ලකුණු 113ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 13.2ක් අවසානයේ කඩුළු 02ක් දැවී ලකුණු 115ක් රැස් කළා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් ෂෆාලි වර්මා නොදැවී ලකුණු 79* ක්ද, නායිකා හර්මන්ප්‍රීත් කෞර් නොදැවී ලකුණු 20* ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි කඩුළු 02ක් දවා ගත්තා.

Share.
Leave A Reply

Exit mobile version