අපි මේවා තවත් හංගගෙන ඉන්න ඕනෑ නෑ
හමුදා කඳවුරු වලින් ටී . 56 අවි හැත්තෑ හයක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතට ගිහින්
ඉන් 36 අපි හොයාගෙන තියනවා
රජයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඕනෑම වාහනයකට ගහගෙන යන්න අංක තහඩුත් ඔවුන්ට දීලා
අපි මේවා හොයා ගෙන තියනවා
පොලිසියේ අය වැඩිම ප්‍රමානයක් වැඩ තහනමට ලක්වූ යුගය මේකයි .
වහාම මෙම අපරාධ වලින් ඉවත් වන්න නැත්නම් අපි ඉවත් කරනවා

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල “රටම එකට – ජාතික මෙහෙයුම” අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මේ අදහස් පල කර සිටියා

ආගමික නායකයින්, මහජන ආරක්ෂක කමිටුවල කණ්ඩායම්, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම විදේශ තානාපතිවරු 50 දෙනෙකු ද මෙම ජාතික වැඩසටහන සඳහා සහභාගී වී ​සිටිති.

මෙරට තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් ළමුන්ගේ ද ජීවිත අවධානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

Share.
Leave A Reply

Exit mobile version