ඇමරිකාව විසින් ආක්‍රමණශීලී ක්‍රියාවන් නතර කළහොත් හෝමුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂිත ගමනාගමනය සඳහා යළි විවෘත කරන බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සායිද් ඛාතිබ්සාදේ පවසනවා.
ඉරානය සෑම විටම ජාත්‍යන්තර සම්මුතීන් සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත් මෙම සමුද්‍ර සන්ධිය ගල්ෆ් කලාපීය යුද නැව් විසින් අවභාවිත කිරීම තමන් පිළි නොගන්නා බවයි ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
#newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

