හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ආරක්ෂක සහ පරිසර ආරක්ෂණ ගාස්තු අයකිරීමට ඉරානය තීරණය කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය (IRIB) වාර්තා කරනවා.
ඉරානයේ උසස් ජාතික ආරක්ෂක මණ්ඩලය විසිනුයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
ඉරාන රාජ්‍ය විකාශන සේවය (IRIB) වාර්තා කළේ, කලාපීය සාමය සහ ස්ථාවරත්වය තහවුරු වන තෙක් මෙම උපායමාර්ගික ජල මාර්ගයේ පාලනය සහ අධීක්ෂණය දැඩි කිරීමට ඉරානය තීරණය කර ඇති බවයි.

