සේවක අර්ධසාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ආයතන සහ සාමාජිකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි කිරීමේ වැඩසටහන අද (26) ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද සිට මෙම සේවාවන් මාර්ගගතව සිදුකෙරන බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙහි සමාරම්භක අවස්ථාව අද පෙරවරු 9.00ට කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මේ සඳහා කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්.එම් පියතිස්ස මහතා ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

Share.
Leave A Reply

Exit mobile version