බගවන්තලාවේ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ලංගම බස් රථයක් ඉස්සර කර යෑමට උත්සහ කිරිමේදි පෞද්ගලික බස් රථය ලංගම බස් රථයේ ගැටී අනතුරක් සිදු වී ඇත.

මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලි වත්ත ප්‍රදේශයේදීය.

බස් රථ දෙකම එකම දිසාවකට ධාවනය වී ඇති අතර, නෝර්වුඩ් නගරයේ සිට ඉදිරියෙන් ධාවනය වූ ලංගම බස් රථය ඉස්සර කර යෑමට පෞද්ගලික බස් රථයේ රියදුරු උත්සහ කිරිමෙදි පෞද්ගලික බස් රථයේ ලංගම බස් රථයේ පසුපස ගැටී මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් බස් රථ දෙකේම ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, අනතුරින් බස් රථ දෙකට හානි සිදු වී ඇත.

අනතුර පිලිබද නෝර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

Share.
Leave A Reply

Exit mobile version