ගම්පහ, මල්වාන ප්‍රදේශයේ පිහිටි හිමිකරුවෙකු නොමැති නිවසකට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පාශර්වයක් පසුගිය 14 වනදා ඊට ඇතුළු වී එහි නවාතැන් ගනිමින් විරෝධතා ක්‍රියාමාගර්යක් ආරම්භ කරනු ලැබුවා.

එම කණ්ඩායම ඊයේ (16) එම නිවස තුළ තුන්වන රාත්‍රියත් ගත කළා.

එහිදි ඔවුන් ඊයේ (16) රාත්‍රියේ, අද පැවැත්වීමට නියමිත විරෝධතා රැළියකට අවශ්‍ය විරෝධතා පුවරු සකසන ආකාරය දැකගත හැකි වුණා.

ඒ, අනුව අදාළ නිවසට ඇතුළු වී එහි කඳවුරු බැඳ සිටින නව අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ අද (17) දිනයේ මල්වාන නගරයේ දි විරෝධතා රැළියක් පැවැත්වීමට සූදානම් බවයි.

මේ අතර හිමිකරුවෙකු නොමැතිව මේ වන විට රජයට පවරාගෙන ඇති අදාළ නිවසට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් අදාළ පිරිසට එරෙහිව දොම්පේ පොලිසිය වෙත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව වාර්ථා වනවා.

Share.
Leave A Reply

Exit mobile version