Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නිරිත දිග මෝසම සක්‍රීය වෙන ලකුණු – අදත් සවස 2න් පසු තද වැසි

    May 19, 2026

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන අධි චෝදනාවලට තමන් නිවැරදිකරු බව මර්වින් සිල්වා අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි.
    උණුසුම් පුවත්

    අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන අධි චෝදනාවලට තමන් නිවැරදිකරු බව මර්වින් සිල්වා අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiNovember 17, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේදී අයථා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන අධි චෝදනාවලට තමන් නිවැරදිකරු බව හිටපු ඇමති මර්වින් සිල්වා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

    අයථා ලෙස වත්කම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු විසින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

    අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුව ගොනු කිරීමට පෙර අල්ලස් කොමිසම විසින් විත්තිකරුගේ ආදායම් සහ වියදම් පිළිබඳව දිවුරුම් ප්‍රකාශ ලබාගත් බවත්, එම ලේඛන පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව, නඩු නොපැවරීමට හේතු තිබේ නම් ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම විසින් විත්තිකරුට දැනුම් දුන් බවත් අල්ලස් කොමිසම විසින් විත්තිකරුට දැනුම් දුන් බවත් ඇය සඳහන් කළා.

    එහිදී විත්තිකරු සිය ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි වීම හේතුවෙන් මෙම නඩුව ගොනු කිරීමට කටයුතු කෙරුණු බවයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    2010 මාර්තු 31 වැනිදා සිට 2012 මාර්තු 31 වැනිදා අතර කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින්, සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150 කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින්, දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #අමාත්‍යවරයා #මර්වින්සිල්වා #අල්ලස්කොමිසම #අධිචෝදනාව #නීතිඥවරයා #කොළඹමහාධිකරණය #අයථාවත්කම් #නඩුකාරකය #ශ්‍රීලංකා #අධිකරණය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    නිරිත දිග මෝසම සක්‍රීය වෙන ලකුණු – අදත් සවස 2න් පසු තද වැසි

    May 19, 2026

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    නිරිත දිග මෝසම සක්‍රීය වෙන ලකුණු – අදත් සවස 2න් පසු තද වැසි

    May 19, 2026

    නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර,…

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    නිරිත දිග මෝසම සක්‍රීය වෙන ලකුණු – අදත් සවස 2න් පසු තද වැසි

    May 19, 2026

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    නිරිත දිග මෝසම සක්‍රීය වෙන ලකුණු – අදත් සවස 2න් පසු තද වැසි

    May 19, 2026

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.