ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුර ගැඹුරු මුහුදේ ප්‍රධාන යන්ත්‍රවල
කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට ලක්වූ MV INTEGRITY STAR වෙළද නෞකාවේ කාර්ය
මණ්ඩලය බේරා ගැනීමට නාවික හමුදාවේ නෞකාවක් පිටත්ව ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘සමුදුර’ නෞකාව ඊයේ (24) දිනයේ එම මෙහෙයුම් සඳහා මෙලෙස
පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.
ආපදාවට පත් MV INTEGRITY STAR වෙළද නෞකාවේ ඉන්දියානු, තුර්කි සහ අසර්බයිජාන්
ජාතිකයින්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලය සාමාජිකයින් 14 දෙනෙකු සිටින බවයි නාවික
හමුදාව සඳහන් කළේ.
මේ අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ මුදවාගැනීම්
මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.
සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයෙ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව
සෝදිසි සහ ගලවා ගැනීම් මෙහෙයුම් ක්ෂණිකව දියත් කෙරෙනවා.

Share.
Leave A Reply

Exit mobile version