මෙරට නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපට ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් නිෂ්පාදිත චිත්‍රපට 87ක් ප්‍රදර්ශනය නොකර පොරොත්තු ලේඛනයක පෙළගස්වා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

මෙරට දී නිපදවනු ලබන චිත්‍රපට සඳහා ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත ඉල්ලූම සහ ‘චිත්‍රපට වෙළෙඳාම’ ප්‍රවර්ධනය කිරීම සඳහා චිත්‍රපටි සංස්ථාව විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන හොතිබූ බවද විගණනය මගින් අනාවරණය කර ඇත.

පනතේ විධිවිධානවලට අනුකූලව චිත්‍රපට ප්‍රවර්ධනය කිර්ම සඳහා කඩිනම් පියවර ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.
ජාතික චිත්‍රපට සංස්ථා පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව නව තාක්ෂණික සහ විද්‍යානුකූල ක්‍රම වේදයකට චිත්‍රපට වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීමට සැලසුම්කොට ඇති බැව් චිත්‍රපට සංස්ථාව විගණනයට සඳහන් කොට ඇත.

Share.
Leave A Reply

Exit mobile version