ඉන්දියානු නාවික හමුදාව සමඟ එක්ව ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO), ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වූ බෙංගාල බොක්ක මුහුදු තීරයේදී නාවික හෙලිකොප්ටර් යානයක සිට “Naval Anti-Ship Missile–Short Range” (NASM-SR) මිසයිල සාර්ථකව අත්හදා බලා තිබෙනවා.
මෙය එකම අවස්ථාවක මිසයිල කිහිපයක් පිට පිට මුදාහැරීමේ මංගල අත්හදා බැලීමයි.
මෙම සන්ධිස්ථානය ඉන්දියාවේ සාගරික ආරක්ෂක හැකියාවන්හි කැපී පෙනෙන දියුණුවක් සනිටුහන් කරනු ලබනවා.
මෙම පරීක්ෂණයේදී එකම හෙලිකොප්ටර් යානයකින් ඉතා කෙටි කාල පරාසයක් තුළ මිසයිල දෙකක් දියත් කරන ලද අතර, එය ඉන්දියාව විසින් උසස් ගුවන් දියත් නෞකා නාශක මිසයිල පද්ධතියක් එවැනි ආකාරයෙන් අත්හදා බැලූ පළමු අවස්ථාවයි.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තාවලට අනුව, මෙම මිසයිලය කිලෝමීටර් 1,500 කට වඩා වැඩි ප්‍රහාරක පරාසයකින් යුක්ත වන අතර එමඟින් ඉන්දියාවේ සාගරික මෙහෙයුම් බලය ගැඹුරු මුහුද දක්වා සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වෙනවා.
මැක් 10 (Mach 10) වේගයකින් යුත් මෙය එහි කාණ්ඩයේ ඇති වේගවත්ම මිසයිල අතරින් එකක්.
salvo දියත් කිරීමේ හැකියාව සනාථ කිරීමට අමතරව, සතුරු නෞකාවන් අකර්මන්‍ය කිරීම සඳහා තීරණාත්මක වන දියකඩ මට්ටමටම නිවැරදිව පහරදීමේ හැකියාවද මෙහිදී ප්‍රදර්ශනය වුණා.
මෙම පරීක්ෂණ නිරීක්ෂණය සඳහා ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයින්, ඉන්දීය ගුවන් හමුදා නියෝජිතයින් සහ නිෂ්පාදන හවුල්කාර ආයතනවල නිලධාරීන් සහභාගී වූ අතර
NASM-SR මිසයිලය ඝන ඉන්ධන ප්‍රචාලක බූස්ටරයකින් සහ දිගු කාලීන දහන පද්ධතියකින් සමන්විත වෙනවා.


