කොළඹ – ශ්‍රී ලංකා- Newsforce.lk ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධ ක්‍රිෂ්ණන් දෙදින නිල සංචාරයක් සඳහා ලබන අප්‍රේල් 19 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙන්නේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ අප්‍රේල් 19 සිට 20 දක්වා ක්‍රියාත්මක වන මෙම සංචාරය, දෙරට අතර මෑතකදී ශක්තිමත් වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තවත් එක් සන්ධිස්ථානයක් වනු ඇති බවයි.
උප ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
“දිට්වා” සුළි කුණාටුවෙන් පසුව සිදුකෙරෙන පුනරුත්ථාපන කටයුතු සහ දෙරට අතර සංවර්ධන සහයෝගීතාව සම්බන්ධ අවබෝධතා ගිවිසුම් කිහිපයක් මෙහිදී හුවමාරු කර ගැනීමට නියමිතයි.
