ඉරානය කේන්ද්‍ර කරගනිමින් පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ඉදිරියේදී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද එම ආර්ථික කැළැල් දිගුකාලීනව පවතිනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවනවා.

මෙම තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා (Kristalina Georgieva) සඳහන් කර ඇත්තේ, යුද්ධය හේතුවෙන් ගෝලීය ආර්ථිකය මත ඇති වන “කැළැල් සහගත බලපෑම්” (Scarring effects) සටන් විරාමයකින් පසුව වුවද පහසුවෙන් මැකී නොයනු ඇති බවයි.

එමෙන්ම, යුද්ධය සම්බන්ධයෙන් වඩාත් සුබවාදී අපේක්ෂාවන් පැවතියද, ගෝලීය ආර්ථික වර්ධන වේගය පහත වැටීම වැළැක්විය නොහැකි බව ඇය පෙන්වා දෙනවා.

යුද්ධයට පෙර පැවති සාමාන්‍ය තත්ත්වයට (Status quo) ලෝක ආර්ථිකය ඉතා පිරිසිදුව සහ කඩිනමින් යළි පැමිණීමේ හැකියාවක් නොමැති බව ඇය වැඩිදුරටත් අවධාරණය කළ බවටයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

මූලාශ්‍රය | අල්ජසීරා

#newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

Share.
Leave A Reply

Exit mobile version