අප්‍රේල් කියන්නේ ඉතාමත් ඉහළ උෂ්ණත්වයක් තියෙන මාසයක් බැවින් අවුරුදු ක්‍රීඩා එළිමහනේ පවත්වන විට සැලසුම් සහගතව කළ යුතු බව ක්‍රීඩා වෛද්‍ය ඒකකය ජනතාව දැනුවත් කර තිබෙනවා.
එහිදී වෛද්‍ය ධම්මික සේනානායක විසින් උපදෙස් කිහිපයක් ද ලබා දී තිබෙනවා.
“අප්‍රේල් කියන්නේ ඉතාමත් ඉහළ උෂ්ණත්වයක් තියෙන මාසයක්, අවුරුදු ක්‍රීඩා උත්සව තියෙනවා. උෂ්ණත්වය වැඩි වෙලාවේ
ක්‍රීඩා කිරීමේදී සංකූලතා ඇතිවෙනවා. සෙල්සියස් අංශක තිහට වඩා වැඩි උෂ්ණත්වයක් ඇති විය හැකි.
උෂ්ණත්වය විසි හතයි තිස් දෙකයි අතර ඉන්නකොට ප්‍රවේසන් වෙන්න ඕනේ.41 වැඩි වුණත් ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ.
තරග සංවිධානය කරනකොට සැලසුම් සහගතව කරන්න ඕනේ.අධික උෂ්ණත්වය නිසා සංකූලතා ඇතිවෙන පිරිසක් ඉන්නවා.
නිදන්ගත රෝග තියෙන වයස කට්ටිය සහ අවුරුදු දොළහට අඩු අය. අධික උෂ්ණත්වය තියෙන නිසා එළිමහනේ ක්‍රීඩා කරන්න එපා.
උදේ දහයේ ඉඳලා දෙක වෙනකන් ඉරු රශ්මියේ තරග තියෙන්න එපා.ජලය ඇති තරම් පානය කරන්න. සෙවනේ සිටීම ඉතාමත් වැදගත්.
ප්‍රථම ආධාර හා වෛද්‍ය සේවාවන් සපයාගෙන කටයුතු කරන්න. ගම හරහා දුවන තරග උදේම තියන්න.
බයිසිකල් තරග සඳහා සහභාගි වන අයටත් සංකූලතා ඇතිවෙන්න පුළුවන්.” යනුවෙනි.

