මැයි දිනයට ප්‍රථම ඉන්ධන මිල වැඩි කළා නම් ජාතික ජන බලවේගයේ මැයි රැලියට මෙතරම් ජනතාවක් පැමිණෙන්නේ නැති බව නිදහස් නීතිඥවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පසුගිය 03 දා හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
“මේ ආණ්ඩුව කරන කරන හැමදේම ෆේල්. හොරකම නැති කරනවා කියපු ආණ්ඩුව ආවට පස්සේ ඩොලර් මිලියන ගණන් දැන් භාණ්ඩාගාරෙන් පවා හොරකම් කරගෙන යනවා. ඒ ගැන එකම මැයි රැලියකවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්, ඇමැතිවරයෙක් හෝ ජනාධිපතිතුමාවත් එක වචනයක් සඳහන් කරලා නැහැ. ඒක ඉතාමත්ම ඛේදජනක තත්ත්වයක්.
ඊට අමතරව දැන් ජනාධිපතිතුමා අලුත් වැඩක් පටන් අරත්. දැන් ජනාධිපතිතුමා තමයි නඩු තීන්දු ලියන්නේ. එන මාසේ තියෙන නඩුවේ තීන්දුව කොහොමද ජනාධිපතිතුමාට දැන්ම කියන්න පුළුවන්? නීතීඥවරුන් හැටියට අපිවත් ඔහොම පුරෝකථනයක් කරන්නේ නැහැ.
ආණ්ඩුව ඉන්ධන මිල අසාමාන්‍ය ලෙස වැඩි කරපු එකෙන් අද ජන ජීවිතය දෙදරලා. පළවෙනිදට වැඩි කරන්න ඕන ඩිසල් පෙට්‍රල් මිල මේගොල්ලන් මැයි දිනය තියෙන නිසා වැඩි කළේ නෑ- මොකද පළවෙනිදා වැඩි කළා නම් ආණ්ඩුවට මාර සෙනඟක් ආටා කියන්න බැහැ. ඒ මිනිස්සු මැයි දිනයට එන්නෙත් නෑ. ඒකට බියේ තමයි පළවෙනිදා වැඩි කරන්නේ නැතුව දෙවැනිදා වැඩි කළේ.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.

